Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

මාසික ඉරාන සිනමා දැක්ම අප්‍රේල් 26 වැනිදා

$
0
0

ඉරාන සිනමාව ලෝකය පුරාම යම් කතාබහට ලක්වුණු සිනමා ක්ෂේත්‍රයක්. බොලිවුඩ් හොලිවුඩ් තරමින් ප්‍රේක්ෂක අවධානය දිනා නොගත්තත් ඉරාන සිනමාව වෙනත් හේතු රැසක් නිසා සිනමා රසිකයින් අතර ජනප්‍රිය වනවා. සිනමාපට වශයෙන් ගත්තද මේ සිනමාවේ පැහැදිලි වෙනස්කම් හඳුනාගත හැකියි. විවිධත්වයෙන් යුතු සහ ගැඹුරක් සහිත ඉරාන සිනමාවේ අති විවිධ තේමාවන්ගෙන් යුතු සිනමාපට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත ගෙනඒමට ඉරාන තානාපති කාර්යාලය ව්‍යාපෘතියක් ආරම්භ කළා.

දැනට මාස කිහිපයකට පෙර ආරම්භ කළ මේ ව්‍යාපෘතිය යටතේ ඉරාන සිනමාපටයක් ප්‍රදර්ශනය කිරීම සිදු කෙරෙනවා. අප්‍රේල් මාසය සඳහා වන මාසික සිනමා දැක්ම මෙවර 26 වැනිදාට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අප්‍රේල් 26 වැනිදා සවස 5.30ට ඉරාන තානාපති කාර්යාලයේදී මෙම සිනමාපටය ප්‍රදර්ශනය කෙරෙනවා. ඉරාන සිනමා නිර්මාණකරු Bahram Tavakoli විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය සඳහා තිර රචනය සිදු කලේත් ඔහුමයි. Tennessee Williams ගේ The class menagerie චිත්‍රපටය මේ සඳහා පදනම් කොටගෙන තිබෙනවා. 2011 වර්ෂයේ Montreal world film festival සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා වන සම්මානය Fatemeh Motamed – Arya විසින් දිනා ගත්තේ මේ චිත්‍රපටය වෙනුවෙනුයි. එළඹෙන 26 වැනිදා සවස 5.30ට මෙම චිත්‍රපටය නැරඹීමට සහභාගී වන ලෙස ඉරාන තානාපති කාර්යාලය සිනමා රසිකයින්ට ඇරියුම් කර සිටිනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>