
ඉන්දියාවේ නිර්මාණය වුනු කලාත්මක සිනමාව ගණයට අයත්වන අපූරු සිනමාපටයක් පසුගිය 20 වැනිදා සිට තිරගත වීම් ආරම්භ වුනා. පර්සියානු ජාතික සිනමා අධ්‍යක්ෂ Majid Majidi විසින් මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. චිත්‍රපටය නම්කොට ඇත්තේ “Beyond the clouds” නමින්.
1959 අප්‍රේල් මස උපත ලැබූ Majidi, වයස අවුරුදු 14 සිට රංගන කටයුතු ආරම්භ කළා. ටෙහ්රාන් නගරයේ ජිවත් වුන ඔහු, නාට්‍ය කලාව පිලිබඳ දැඩි උනන්දුවක් දැක්වුවා. 1979 සිදුවූ ඉරාන විප්ලවයෙන් පසු මජිදී වැඩි උනන්දුවක් දැක්වුයේ සිනමා ක්ෂේත්‍රයට. ඔහු වාර්තා චිත්‍රපට සහ වෘතාන්ත චිත්‍රපට නිර්මාණය කිරීම ආරම්භ කළා. ඔහුගේ සිනමා ඉතිහාසයේ වඩාත් වැදගත්ම නිර්මාණය ඔහු අතින් බිහි වන්නේ 1998 වසරේ. ඒ Children of heaven චිත්‍රපටය. එම වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය කාණ්ඩය යටතේ ඇකඩමි සම්මානයට මජිදිගේ නම නිර්දේශ වන්නේ මේ චිත්‍රපටය හේතුවෙන්. වයස අවුරුදු 59ක් වන ඔහු මේ වනවිට නිර්මාණය කොට ඇති මුළු චිත්‍රපට සංඛ්‍යාව 20ක් පමණ වනවා.
Beyond the clouds ඔහුගේ නවතම සිනමා නිර්මාණය වනවා. චිත්‍රපටය සඳහා සංගීත නිර්මාණ කටයුතු සිදු කලේ ලෝක ප්‍රකට ඉන්දීය සංගීතඥ A.R.Rahman විසින්. Anil Mehta චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වනවා. Ishaan Khatter සහ Malavika Mohanan මෙහි ප්‍රධාන චරිත ද්විත්වය රඟපානවා. හින්දි භාෂාවෙන් නිර්මාණය කොට ඇති චිත්‍රපටය විනාඩි 120ක ධාවන කාලයකින් යුක්තයි. අප්‍රේල් 20 වැනිදා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ කෙරුණු මෙම චිත්‍රපටය දැන් ශ්‍රී ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයින්ටත් නැරඹීමේ අවස්ථාව උදාවී තිබෙනවා.