
ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව මාසික ඉරාන සිනමා දැක්මක් සංවිධාන කෙරෙනවා. සෑම මසකම අවසන් සතියේ මෙම මාසික සිනමා දැක්ම පැවැත්වෙනවා. මේ යටතේ අගෝස්තු මස කලාපය අද එනම් අගෝස්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතයි.
අගෝස්තු 30 වැනි බ්‍රහස්පතින්දා සවස 5.30 සිට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මෙම චිත්‍රපටය තිරගත කෙරෙනවා. 2011 වසරේ ඉරානයේ නිර්මාණය වුනු The Meritime Silkroad චිත්‍රපටය මෙවර තිරගත කෙරෙනු ඇති. ඉන්දියානු සාගරය හරහා චීනයට යාත්‍රා කළ පළමු නාවිකයා ලෙස ඉතිහාස ලේඛන සඳහන් කරන පර්සියානු ජාතික යාත්රිකයකුගේ ගමන මෙම චිත්‍රපටයට පදනම් වී තිබෙනවා. මෙම නැවියා ගමන් ගත මාර්ගය Maritime silkroad (මුහුදු සේද මාවත) ලෙස නම් කෙරුණු බව ඉතිහාසය සඳහන් කරනවා. එම සිදුවීම් අලලා මෙම චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා.
Mohammed Bozorgnia මෙම චිත්‍රපටයට තිර රචනා කොට අධ්‍යක්ෂණය කර තිබෙනවා. Dariush Ajmand, Reza Kianian, Ezzatollah Entezami, Bahram Radan, Payam Dehkordi චිත්‍රපටයේ චරිත නිරුපණය කොට තිබෙනවා. විනාඩි 120ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය පර්සියානු භාෂාවෙන් නිර්මාණය වී තිබෙනවා.