Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

Marval Universe සමග Shah Rukh Khan නවතම සිනමාපටයක..??

$
0
0

හොලිවුඩ් චිත්‍රපට වලට ප්‍රියකරන රසිකයින් ලෝකය පුරාම විසිර සිටිනවා. ලංකාව සලකා බැලුවොත් විශාල හොලිවුඩ් රසික පිරිසක් හඳුනාගන්න හැකියි. අලුත්ම හොලිවුඩ් ප්‍රදර්ශනය කෙරෙන සිනමාහල් වල දර්ශන වාර සියල්ලම පාහේ පිරීයන බව සිනමාහල් හිමියන් පවසනවා. සති අන්තයේ නම් හදිසියේ චිත්‍රපටයකට යෑම පවා අපහසු වන්නේ ඒ තරම්ම ප්‍රේක්ෂක පිරිසක් සිටීම නිසා. මේ විදිහට හොලිවුඩ් චිත්‍රපට වලට ප්‍රිය කරන සිනමා රසිකයින්ට අලුත්ම ආරංචියක් Marvel Studio දැනුම් දී තිබෙනවා.

ඉන්දීය සුපිරි තරුවක් වුනු Shah Rukh Khan අලුත්ම Marval චිත්‍රපටයක් හරහා හොලිවුඩ් සිනමාවට පිවිසෙනු ඇති බවටයි මේ ආරංචිය නිවේදනය කොට තිබුනේ. “Marval චිත්‍රපට ප්‍රිය කරන හොලිවුඩ් සිනමා රසිකයින්ට ඉන්දියානු සංස්කෘතියත්, සිරිත් විරිත් ඇදහිලි ගැනත් අවභෝධයක් ඇතිවන විදිහට ඉන්දියානු ආරක අලුත්ම චිත්‍රපටයක් නිෂ්පාදනය කෙරෙන ආකාරය ගැන මේ වෙද්දී අපි සැලසුම් කරමින් ඉන්නවා. අපේ සිනමා රසිකයින්ට ලෝකයේ තවත් කෙළවරක තියෙන සංස්කෘතික ලක්ෂණ වගේ දේවල් ගැන අවබෝදයක් ලබාදෙන්නත්  මේ චිත්‍රපටයෙන් අපට හැකිවේවි. ඒ වගේම ඉන්දියාව සහ ආසියානු කලාපය ගත්තහම Marval චිත්‍රපට රසිකයෝ විශාල පිරිසක් ඉන්න බව අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ ය වෙනුවෙනුත් මේ අලුත් ඉන්දියානු ආරට හැදෙන චිත්‍රපටය සැලසුම් කරන්නයි අපේ සුදානම. ලෝකය පුරාම ඉන්න අපේ රසිකයින් මේ සංකල්පය ප්‍රිය කරාවි කියල අපි විශ්වාස කරනවා. ඒ වගේම ඉන්දියාව ආශ්‍රයෙන් කරන මේ වැඩේට අපේ සැලසුමේ මුලින්ම ඉන්න චරිතයක් තමයි Bollywood Star Shah Rukh Khan.” Marvel universe හි Creative අංශයේ උප ප්‍රධානියා එලෙස පවසා තිබුනා.

මේ ආරංචියත් සමග අලුත්ම Marval චිත්‍රපටය ගැන හොලිවුඩ් රසිකයින් බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුනා. සමාජ ජාලා හරහා ඔවුන් සිය අදහස් සටහන් කොට තිබුනේ මේ චිත්‍රපටය සහ එම චිත්‍රපටය හරහා අලුත්ම චරිතයකින් Shah Rukh Khan දැකබලා ගැනීමට ඔවුන් ඉතා කැමැත්තෙන් සහ නොඉවසිල්ලෙන් පසුවන බව පවසමින්.

 

India Today ඇසුරින්

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>