Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

ලාංකීය සිනමාවේ නව වාර්තාවක් විමුක්තිගෙන්

$
0
0

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

**********************************************************

ලාංකීය සිනමාවට නව වාර්තාවක් එක කිරීමට සිනමාවේදී විමුක්ති ජයසුන්දර සමත්ව තිබෙනවා.  සැප්තැම්බර් 20 වෙනිදා ඊජිප්තුවේදී ආරම්භ වූ ” El Gouna Film Festival” හි ජූරි නියෝජනයත් සමග, එදා මෙදා තුර ශ්‍රී ලංකාවෙන් එපිට පැවති අන්තර්ජාතික සිනමා උලෙළහිදී  වැඩිම වාර ගණනක් ජූරි සභාවන් නියෝජනය කල ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරයා බවට විමුක්ති ජයසුන්දර පත්ව තිබෙනවා.

2018. 09.21 දින වන විට වැඩිම අන්තර්ජාතික ජූරි නියෝජනයන් සනිටුහන් කල ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂකවරුන්/වරියන් මෙසේයි.

(01).විමුක්ති ජයසුන්දර – නියෝජන අවස්ථාවන් 14 (උලෙළ 14ක් උදෙසා)
(02). ප්‍රසන්න විතානගේ- නියෝජන අවස්ථාවන් 13 (උලෙළ 11ක් උදෙසා)
(03). ධර්මසේන පතිරාජ- නියෝජන අවස්ථාවන් 7 (උලෙළ 7 ක් උදෙසා)
(04). ලෙස්ටර් ජේම්ස් පීරිස්- නියෝජන අවස්ථාවන් 6 (උලෙළ 6 ක් උදෙසා)
(04). සෝමරත්න දිසානායක – නියෝජන අවස්ථාවන් 6 (උලෙළ 5 ක් උදෙසා)
(06). සුමිත්‍රා පීරිස්- නියෝජන අවස්ථාවන් 5 (උලෙළ 5 ක් උදෙසා)
(07). අශෝක හඳගම- නියෝජන අවස්ථාවන් 4 ( උලෙළ 4 ක් උදෙසා)

ඒ අනුව වැඩිම අන්තර්ජාතික සිනමා උළෙල ජූරි නියෝජනය ලෙස විමුක්ති ජයසුන්දර සිනමා ඉතිහාසයට එක් වනවා. විමුක්ති ජයසුන්දර 1996 වසරේ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින්. අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක් වශයෙන් ඔහු වසර 22ක් පුරා සිනමාවේ රැඳී සිටිනවා. ඔහු නිර්මාණය කළ පළමු වෘතාන්ත චිත්‍රපටය “සුළඟ එනු පිණිස” චිත්‍රපටයට 2005 වර්ෂයේ Cannes සිනමා උළෙලේදී Camera d’ Or සම්මානය හිමිවුනා.

 

සටහන – උදිත ලක්මාල් කහඳවාරච්චි

 

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images