Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

“ඔරුනාල් ඉරවිල්”චිත්‍රපටය පිලිබඳ අනුෂා සිවලිංගම් ලියයි

$
0
0

සටහන : අනුෂා සිවලිංගම් (උපුටනයකි)

*********************************************

ඉන්දියානු සිනමාවේ යථාර්ථීය සිනමා නිපදවන්නේ මළයාලම් සිනමාව යැයි බොහෝ විචාරකයින් පවසයි. ඔව්! ඒක නම් එහෙම තමයි. අනෙකුත් භාෂා ඇතුළත් සිනමා කෘති සමඟ සංසන්දනය කරද්දී එහෙම හිතෙනවා. දෙමළ භාෂා චිත්‍රපටවලින් අතළොස්සක් යථාර්ථය දනවන ලෙස නිර්මාණය වන විට නිර්මාණය වන මළයාලම් සිනමා කෘති බොහෝමයක් එහෙමයි. දකුණු ඉන්දීය දෙමළ භාෂා චිත්‍රපට තුළ නළුවා හෝ නිළිය ප්‍රධාන චරිත දෙකකින් සමන්විත වන අතර මළයාලම් සිනමාවේ හීරෝ වෙන්නෙ ඒ සිනමා කෘතියේ කතාව. කතාව ඒ තරම් ප්‍රබලයි. ඒ තරම් උසස්.
මළයාලම් සිනමා කෘතියක් ලෙස නිර්මාණය වූ “ෂටර්” චිත්‍රපටයේ දෙමළ වර්ෂන් එක තමයි “ඔරුනාල් ඉරවිල්” (එක් රැයක) චිත්‍රපටය.
මිනිසෙකුගේ ජීවිතයේ සිදු වන දේවල් හරි හෝ වැරදි විය හැකියි. හරි හෝ වැරදි ලෙස අර්ථ ගැන්වීමම සාපේක්‍ෂයි. එහෙත් ජීවිතයේ සිදු වන දේවල්වලට හේතුව එම අවස්ථාව බව පැහැදිළියි. මිනිසෙකු තම ජීවිතයේ මේ සාමාජය කියන වැරදි සිදු නොකර වුවද සිටිය හැකියි. එහෙත් ඒ සමාජය කියන හරි දේ සහ වැරදි දේ අතර දෝලනය නොවී සිටිය නොහැකිය යන යථාර්ථීය සත්‍ය කතාවකින් අපූරුවට රූප කළ චිත්‍රපටයක් ලෙස “ඔරුනාල් ඉරවිල්” චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.
සමාජය හරි යැයි කියන සෑම දෙයක්ම තමන් සහ අනෙකුත් සියලු දෙනාම පිළිපැදිය යුතු යැයි සිතන පුද්ගලයෙකු වටා කැරකෙන මෙම චිත්‍රපටයේ ඒ පුද්ගලයාම යම් අවස්ථාවක පැති දෙකක් අතර දෝලනය වෙනවා. දෙමළ චිත්‍රපටවල නම් බෝහෝ විට ඊළඟට මොකද්ද වෙන්න යන්නෙ කියා හිත අපහසු කරවන, උත්ප්‍රාසයේ උච්චතම අවස්ථාව අනෙකුත් ශානරයන්ට වඩා වේගවත්. අවතාර නැති නම් හොල්මන් යැයි වෙන් කර කතා කරන චිත්‍රපටවලින් දැනුනත්, ඒ තරම්ම වන ‘ඊළඟට මොකද්ද වෙන්න යන්නේ’ යැයි සිතෙන කෑදර කමක් මේ චිත්‍රපටය බලද්දිත් ඇති වෙනවා.
චිත්‍රපටයේ වැඩි වශයෙන් අපිට හම්බ වෙන්නෙ සත්‍යරාජ්. ඔහුගේ රංගනය තවත් තීව්‍ර වන්නේ වරුන්ගේ රංගනයෙන්. සත්‍යරාජ් කියන්නෙ වේදිකා නාට්‍යවලින් සිනමාවට පැමිණි රංගනයේ උච්ච අවස්තාව ස්පර්ශ කළ රංගන ශිල්පියෙක්. දැන් ගොඩක් වයසයි. ඒත් එදා වගේමයි, ඒ රඟපෑම නම්. දකුණු ඉන්දියානු සිනමාවේ තරුණ අය විතරයි ප්‍රධාන චරිත. ඉතාම අවම චිත්‍රපට කිහිපයක් විතරයි ඒ රටාවෙන් බැහැර වෙලා නිර්මාණය වෙලා තිබෙන්නෙ. මේ චිත්‍රපටයත් ඒ අවම කොටසට එකතු වෙනවා.
මළයාලම් චිත්‍රපටයේ තිබෙන ඩියුරේෂන් ඒකට වඩා විනාඩි 25 ක් පමණ දෙමළ චිත්‍රපටයේ අඩු වෙලා. මමත් හිතුවේ ගොඩක් කොටස් අඩු කරල කියල. මළයාලම් චිත්‍රපටයේ තිබුණු සෑම කොටසක්ම මේ චිත්‍රපටයෙත් තියනවා. ඉතා ගැඹුරින් සාකච්ඡා කරන යම් රූප රාමු ඉක්මණින් සාකච්ජා කර අවසන් කරනවා දෙමළ චිත්‍රපටය තුළ. එක සීන් එකක් (එක් සිදුවීමක්) එක රූප රාමුවකින් ගන්නත් පුළුවන් නැතිනම් රූප රාමු 10 කින් ගන්නත් පුළුවන්. එකට සාක්ෂි තමයි මේ චිත්‍රපටය. ඇත්තටම මළයාලම් චිත්‍රපටයටත් වඩා ලස්සනයි දෙමළ චිත්‍රපටය. වෙලාවකට හිතෙනවා දෙමළ චිත්‍රපට යථාර්ථීය වීම අවම වීමට බලපෑ ඇත්තේ තිර පිටපත ද කියලත්.
මිනිසුන්ගේ ආශාවන් හරියට ෂටර් එකකට හිර වුණු සිතුවිලි ඇතුළත් හෘද සාක්ෂිය වගේ. ඒක අපිම විවෘත කළොත් ප්‍රශ්නයක් නැතැයි සිතෙන වෙන කෙනෙකුට විවෘත කිරීමට නොදෙන සහ එසේ වුවොත් බිය වෙනවා වගේ සිතුවිළි ඇතුළත් හෘද සාක්ෂියක්. මේ චිත්‍රපට තුළ කතා වෙන්නෙත් මෙන්න මේ වගේ දෙයක් ගැන.
සත්‍යරාජ්ට දැරිවියන් දෙදෙනෙක් ඉන්නවා. ඔහු සතුව කඩ කාමර තුනක්ම තිබෙනවා. කඩ කාමර දෙකක් බද්දට දී තිබෙන අතර එකක් තිබෙන්නෙ හිස්ව. මොහු එක් හිස් කඩ කාමරය යොදා ගන්නෙ යහළුවන් සමඟ මත්පැන් පානය කරන්න.
තම වැඩිමහල් දියණිය ඇයගේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා පිරිමි යහළුවන් සමඟ එතරම් කතා කරනවාට මොහු අකමැතියි. දියණිය ගැන නිතර සෙවිල්ලෙන් ඉන්නවා. ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන් ළංව කතා කිරීම පාපයක් ලෙස දකින පියෙක්. සංස්කෘතිය කියා දුන් පාඩම් එතරම් වයසට ගිහිනුත් ඔහුට මතකයි.
දිනක් ඔහු යහළුවන් සමඟ මත්පැන් පානය කරනවා. යහළුවන්ද ඔවුනොවුන්ගේ නිවෙස් බලා ඉක්මනින් යන නිසා මොහු ඉතිරි වූ මත්පැන් ටිකත් බී ත්‍රීවිලර් කොලුවෙකු සමඟ පිටත් වෙන්නෙ නිවෙසට යෑමට. යන අතරතුර ඒ කොලුවා කතා කරන්නෙ සමාජය ගණිකාවක යැයි නම් කර ඇති කාන්තාවන් ගැන. මොවුන් යන අතරතුර සමාජය කියන එවැනි කාන්තාවක් හමු වෙනවා. ඇය සත්‍යරාජ් දිහා බලා සිනාසෙනවා. ඔහු ඒ සිනාවෙන් බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා. ඇයව එක්කරගෙන යන්නේ නවාතැන්පලකට. ඒත් එහි මොහුව අඳුනනා කෙනෙකු සිටින නිසා අවසානයට යන්නේ අර හිස් කඩ කාමරය වෙතටමයි. සාමාජය මේවා වැරදි මේවා හරි යැයි කියා දී තිබෙන අතර වැරදි නම් ඒවා නොපෙනී සිදු කර විට එය හොඳයි යැයි කියා ද කියාදී තිබෙන නිසා සත්‍යරාජ් කාටවත් නොදැනී වැරදි කළාට කමක් නෑ වගේ දෙයක් හිතනවා.
හිස් කඩ කාමරය තුළට යන මොවුන් දෙදෙනාව ඇතුළට දමා එළිපැත්තෙන් වසන්නේ අර ත්‍රීවිලර් කොලුවා. ඒ පැමිණි කාන්තාවට බඩගිනි යැයි කී නිසා අර ත්‍රීවිලර් කොලුවා යනවා කෑම ගේන්න. ඔහුව ඒ අතරතුර පොලීසිය අල්ලනවා. ඔහු පැමිණීමට කල් ගත වෙනවා. දැන් පාන්දර වෙන්නත් ළඟයි. ඒ අතර පුංචි පුංචි ශබ්දවලට පවා හිතන්නේ කවුරුන් හෝ ෂටරය අරින්න හදනවා කියල. ඒ අතරතුර හිලකින් තම නිවසේ උදවිය නැගිට ඇත්දැයි බැලීම උත්ප්‍රාසය දනවනවා.
මේ අතර ත්‍රීවිලර් කොලුවා යතුරක් තව තිබෙන බව කියා සත්‍යරාජ්ගේ දුරකතනයට පවසනවා. ඒත් සත්‍යරාජ් දුරකථනය නිවසේම දමා ඇවිත්. කෙසේ හෝ දුරකථනයට කන් දෙන්නෙ වැඩිමහල් දුව. ඇය දැන් සියල්ල දන්නවා. ඇය ඇයගේ පිරිමි මිතුරෙකුගේ උදව්වෙන් ෂටරය අරින්න කියා ඔහුට එතනින් ඉතා ඉක්මනින් පිටව යන්න යැයි කියනවා. ඔහුට මේ කාරණය ගැන කිසිවක් කියන්නෙ නැහැ.
සත්‍යරාජ් උදයේ නිවසට එනවා. සියල්ල සාමාන්‍ය ආකාරයකින්. සත්‍යරාජ් හිතන්නේ ත්‍රීවිලර් කොලුවා ඇවිත් ෂටරය විවෘත කළා කියා. ඔහු ත්‍රීවිලර් කොලුවාට දුරකතනයෙන් ස්තූති කරනවා. ඔහු පවසන්නේ ඔහු ෂටරය විවෘත නොකළ බව. දෙදෙනාම කළබලයට පත් වෙනවා. ඒ අතර ත්‍රීවිලර් කොලුවා දුරකතනයට අමතා විස්තරය කියූ බවත් කියනවා. දැන් දෙදෙනාම දන්නවා නිවසේ කවුරුන් හෝ දුරකතනයට සවන් දුන් බව.
දුවගේ දුරකතනයට ෂටර් එක විවෘත කළ දියණියගේ මිතුරා කතා කරනවා. දුරකථනයට සවන් දෙන්නෙ පියා. ඒත් සැකයෙන්. ඔහු විගසින් අසන්නේ…‘‘ඇයි අර ෂටර් එක අරින්න කිව්වේ. ඇරලා ඇයි ඉක්මනින් එන්න කිව්වේ. ඇහුවත් මොකද කියල කිව්වේ නැහැ. අපි අතර තිබෙන මිතුරුකම නිසායි මං මේ උදව්ව කරේ. කවදත් ඔයා මගේ හොඳ මිතුරියක්”. එපමණයි.

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>