Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

රන්වීර් –සාරා අතර ඇති මේ සම්බන්ධය මොකක්ද..?

$
0
0

රන්වීර් සිං කියන්නේ පහුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වුනු චරිතයක්. දීපිකා සහ රන්වීර්ගේ විවාහය එක්ක ඔවුන දෙදෙනා ගැනම ලෝකයේම බොලිවුඩ් රසිකයින්ගේ අවධානය යොමුවුනා. කොහොම නමුත් විවාහයෙන් මාසයක් ගත වෙනවත් එක්කම රන්වීර් සිං ගැන ආයෙත් කතාවෙන්න පටන් අරන්. ඒ කතාවට තවත් නමක් ඈඳීලා තියෙනවා. ඒ තමයි සාරා අලි ඛාන්. මේ දෙන්නා ගැන මේ පැතිරෙන ආරංචිය මොකක්ද?

Simmba තමයි මේ කටකතාවට මුල්වෙලා තියෙන්නේ. simmba කියන්නේ ලුතින්ම නිකුත් වෙන්න නියමිත බොලිවුඩ් චිත්‍රපටය. ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන Zero චිත්‍රපටයට පසුව තිරගත වීමට නියමිත මේ චිත්‍රපටයේ දෙදෙනා එක්ව රඟපාන බව සඳහන්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Rohit Shetty විසින්. වයස අවුරුදු 17 සිට චිත්‍රපට සහය අධ්‍යක්ෂක වරයෙක් ලෙස කටයුතු කළ රෝහිත්, 2003 වසරේදී සිය පළමු චිත්‍රපටය වන Zameen අධ්‍යක්ෂණය කළා. එතැන් පටන් Golmaal, Golmaal Returns, Singham සහ Chennai Express වැනි ආදායම් අතින් සාර්ථක වූ ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළා. ඔහුගේ 2018 වසරේ ආගමනය Simmba හරහා සිදුවනවා.

Dharma production වෙනුවෙන් Karan Johar අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට Farhad Samji දෙබස් රචනා කොට තිබෙනවා. Yunus Sajawal, Sajid Samji තිර රචනාව සිදුකොට තිබෙන බව සඳහන්. රන්වීර් සහ සාරාට අමතරව Sonu Sood, Ajay Devgan ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වී තිබෙනවා. දෙසැම්බර් 28 වැනිදා සිට ලොව පුරා Simmba තිරගත කිරීමට දැන් සියල්ල සුදානම්.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles