Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

ගින්නෙන් උපන් සීතල නැරඹීමි –එරන්දතී රත්නායක

$
0
0

ගින්නෙන් උපන් සීතල නැරඹීමි – සටහන : එරන්දතී රත්නායක

***************************************

මම දේශපාලනික කාන්තාවක් නොවන අතර මෙම සටහන හුදෙක් මගේ පෞද්ගලික හැගීමක් පමණක් බව සදහන් කිරීමට කමැත්තෙමි.

වර්ෂ 1989-1990 වකවානුව තුල අප අත්විදි සිද්ධි දාමයක් රිදී තිරයට ගෙන ඒමට ගත් උත්සාහයට මා පලමුව අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහට ස්තුතිවන්ත වෙමි. එවකට එනම් වර්ෂ 89-90 වකවානුවෙදි මම අවුරුදු 14-15 වයසැති පාසල් දැරියකි. එම කාලය තුල මමද යම් අත්දැකීම් ලබා ඇත්තෙමි.අද මගේ පුතාද එම වයසෙ සිට මා සමග එකට වාඩිවී චිත්‍රපටය නැරඹූ අතර ඔහු නොදන්නා අතීතය අන්තර්ජාලය ඔස්සේ කියවා ඇති බව ගෙදර පැමිණි පසුව ඔහු පවසන දෙයින් මට වැටහුනි.

මෙම චිත්‍රපටය තුල මා සිත් ගත් ආදරය කල චරිත කිහිපයකි. රෝහණ විජේවීර, චිත්‍රාංගනී , ගමනායක , රිචඩ් ද සොයිසා ඉදිරියෙන්ම සිටී.පීඩිත පන්තිය රජ කරවීමට ඔවුන් දැරූ තැත සෑම විටම නිවැරදි වන බව මා නොපවසන අතර එම උත්සාහයට ගරු කරමි.

1971 වර්ෂයේ මගෙ අප්පච්චිගේ සහෝදරයන් තිදෙනෙකු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී සිටි අතර ඔවුන්ගේ ආරක්ෂාව සදහා අප්පච්චි ඇතුලු ඔහුගේ පවුලේ සියලු දෙනාම ගත් උත්සාහය මම අසා ඇත්තෙමි. විටෙක නෙත්තිකුමාර මාතාව මෙන් මගේ අත්තම්මාද කැලයේ සැගවී සිටි මගේ බාප්පලා තිදෙනාට රහසේ ආහාර සැපයූ බව අප්පච්චි මට පවසා ඇත. අත්තම්මාද දේශපාලනික කාන්තාවක් නොවුවද ඇගේ මස් නහර මතින් ඇට තුලට වැදි ඇට මිදුලු මතින් රැදි උතුරා යන දරු සෙනෙහස එයින් මනාව වටහෙනු ඇත. පසු කලෙකදි ඔවුන් ජීවිතයෙන් සමුගත් අතර අත්තා මියෙදුණේ තම දරුවන් ඉල්ලා පොලිසිය විසින් පහර කැමට ලක්වී ඇතිවු අසනීප තත්වයෙනි. ඒ වගේම ඔවුන් තිදෙනාට ආරක්ෂාව සැපයූ අප පවුලට ලැදි කිහිපදෙනෙකු දැනටත් අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වන අතර ඔවුන්ට මගේ හද පිරි ආදරය ගරුත්වය පුදකරමි. චිත්‍රපටය නරඹන අවස්තාවේදී මේ සියල්ලම මගෙ මතකයට නැගුණි. අවාසනාවකට එය නැරඹීමට මගේ අප්පච්චිද අද ජීවතුන් අතර නැත.

චිත්‍රාංගනී විජේවීර ගැන කතා නොකරම බැරිය. මන්ද යත් විටෙක ඇය යශෝදරාවකැයි මට සිතුනු බැවිනි. තම සහෝදරයාගේ බහට සහ බලකිරීමට යටත්ව අකමැත්තෙන් තනා ගත් කුටුම්භය තුල දේශපාලන සටන්කරුවෙකු සමග ගෙවන ලද අහිකුණ්ඨික ජීවිතය අගය කල යුතුමය. සුලෝචනා වීරසිංහ නම් වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය නැවත නැවතත් අපට එය වටහා දෙනු ඇත. සියලු දුක් සුසුම් මැද දරුවන් සයදෙනෙකු සමග තනිවන ඇය ගෙවන ජීවිතය අගය කල යුතුය. තම ස්වාමියගේ දේශපාලන ජීවිතය තුලින් ඇය විදි කම්කටොලු,වේදනා ඇති කරමින් අපේ සිත් පාරවන්නට සුලෝචනා වීරසිංහ,කමල් අද්දරආරච්චි සමග මනා ලෙස රංගනයේ නිරත වූවාය.

මෙහි කලා අධ්‍යක්ෂ සහ අංගරචන ශිල්පීන් අගය කල යුතුමය. එයට අමතරව කැමරා අධ්‍යක්ෂ සහ කණ්ඩායම (crew of the film) පැසසුමට ලක් විය යුතුය. තිරයේ පිටුපස ඉද ඔවුන් කර ඇති මෙහෙය මෙය නරඹන අපට දැනෙනු ඇත. රෝහණ විජේවීර අත්ඩංගුවට පත්වන අවස්තාවේදීත්,ඔහුව රැගෙන යන අවස්තාවේදීත් අවට පෙනෙන පරිසරයේ දර්ශනය අපගේ සිත්වලට මහත් දුක්මුසු බවක් ගෙනදුන් අතර හැඩූ කදුළින් එය නැරඹුවෙමි. ඔහු යන්නේ ඔහුගේ අවසන් ගමන බව චිත්‍රපටය නරඹන අපට දැනුණද එවකට එය චිත්‍රාංගනීට වැටහුනේද යන්න නොදනිමි.

විශේෂයෙන් මා නැවතත් සිහිකරන්නෙ රෝහණ විජේවීරයන්‍ට ජීවය දුන් ප්‍රතිභාපූර්ණ චරිතාංග නළුවෙකු වන කමල් අද්දරආරච්චිත්,චිත්‍රාංගනීට ජීවය ලබාදුන් සුලෝචනා වීරසිංහත් ගමනායකට ජීවය ලබාදුන් නව පරපුරේ දක්ෂ රංගනශිල්පී ජගත් මනුවර්ණත් අගය කල යුතු බවයි.ඒ………මා සිත්ගත් චරිත නිසාය.

එපමණක් නොව විජේවීරගේ දේශපාලන ජීවිතයට අමතරව ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ නිවැරැදිව ගෙන එන්නට ගින්නෙන් උපන් සීතල සමත් වී ඇත.මන්ද යත් එය අප නොදන්නා කාරණයක් බැවිනි.මෙය නරඹන අතරතුර වධකාගාර පෙන්වන අවස්තාවේදී මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත විශාරද නන්දා මාලනී විසින් ගායනා කරන ලද “යදමින් බැද විලංගු ලා” ගීතයද සිහියට නැගුණි. එයද සත්‍යකි.

රෝහණ විජේවීර ජනපති ප්‍රේමදාසයන්ගේ ආරාධනය පිළිගත්තා නම් අදටත් ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිස හෝ වෙනත් යහපත් ප්‍රතිචාරයන් ලැබීමට ඉඩ තිබුනා යැයි මගේ හැගීමයි.නිරන්තරයෙන් එය මගේ සිතට නැගෙන පෞද්ගලික සිතුවිල්ලකි. නමුත් ඔවුන් දෙදෙනාම අද ජීවතුන් අතර නොමැත. තීරණය තිබුනේ විජේවීර අතය……

අවසන මෙසේ ලියමි….

“අලුත් ලොවක් ගැන සිතීම – දඩුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය – නීතිය සහ විනිසුරන්…..”

– එරන්දතී රත්නායක –

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>