
දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත්ගේ දියණිය, සෞන්දර්යා යළි විවාහ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. රජිනි කාන්ත්ගේ දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය ඓශ්චර්යා මිට පෙර, සුපිරි කොලිවුඩ් නළු ධනුෂ් සමග විවාහ වුනා. බාල දියණිය වන සෞන්දර්යා, 2010 වසරේ අශ්වින් නම් ව්‍යාපාරිකයකු සමග විවාහ වී සිටියා. නමුත් දෙදෙනා අතර වන නොගැලපීම් හේතුවෙන් ඇය අශ්වින්ගෙන් වෙන්ව රජීනිට අයත් බෝයිස් ගාඩ්න් නිවසේ ජිවත් වුනා. ඒ, ඔවුන්ගේ පුතු වේත් සමගින්. අවසානයේ සෞන්දර්යා, පසුගිය වසරේ අශ්වින්ගෙන් දික්කසාදය ලබාගත්තා.
ඇගේ නව විවාහක සැමියා වන්නේ කෝටිපති ව්‍යාපාරික විශාහන්. ඔහුත් මීට පෙර විවාහවී දික්කසාද වූ අයෙක්. ඔහු. කෝටි 600කට අධික වත්කම් සහිත ප්‍රසිද්ද ඖෂධ සමාගමක හිමිකරුවකුද වනවා. මේ දෙදෙනාගේ විවාහ මංගල උත්සවය අද (පෙබරවාරි 11 වැනිදා) චෙන්නායිහිදී පැවැත්වෙනවා.
රජිනි කාන්ත් ප්‍රසිද්ද කලාකරුවන්, දේශපාලඥයන් ආදී බොහෝ දෙනෙකුට පෞද්ගලිකවම මේ උත්සවයට ආරාධනා කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. විශේෂයෙන් දේශපාලනිකව විරුද්ධ පක්ෂයක සිටින කමල් හසන් හමුවීමට ඔහුගේ නිවසට ගිය රජිනි, ඔහුට විවාහය සඳහා ඇරියුම් කළ බව පැවසෙනවා. ඉන්දීය මාධ්‍යට සහ රජිනි කාන්ත්ගේ රසිකයින්ට මෙම විවාහ උත්සවය පුවත් මවන්නක්ව තිබෙනවා.