Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2391

ගින්නෙන් උපන් සීතල –බැන්ගලුර්හි House Full

$
0
0

අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ, චමත්කා පීරිස් නිෂ්පාදනය කළ “ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ඉන්දියාවේ බැන්ගලුර් අන්තර්ජාතික සිනමා උළෙල සඳහා සුදුසුකම් ලැබුවා. “ආසියානු තරඟ අංශය” යටතේ 11 වෙනි බැංගලූර් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරන “ගින්නෙන් උපන් සීතල” සිනමාපටයේ පළමු මහජන දර්ශනය අද සවස 3.30ට, අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහගේ ප්‍රධානත්වයෙන් බැංගලූර්හී PVR සිනමා ශාලා සංකීර්ණයේදී පැවැත්වුනා. මෙරටදී “හවුස්-ෆුල්” පුවරුව කිහිප අවස්ථාවකදී අත්පත්කර ගත් “ගින්නෙන් උපන් සීතල” , බැංගලූර් උළෙලේදීද පළමු මහජන දර්ශනයේ සියලුම ආසන ප්‍රේක්ෂකයින්ගෙන් පිරවීමට සමත් වීම විශේෂත්වයක්. අද දින බැංගලූර්හිදී ඉහළම මහජන ප්‍රතිචාර ලද “ගින්නෙන් උපන් සීතල” එළඹෙන 25 සදුදා උදෑසන 10.00ට මහජනතාව උදෙසා යළිත් වරක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

Share


Viewing all articles
Browse latest Browse all 2391

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>