Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

Priyanka Chopra සහ Nick Jonas දික්කසාද වෙයි..???

$
0
0

බොලිවුඩ් තරුවක් මෙන්ම ලෝක රූ රැජිණක්ද වුනු ප්‍රියංකා චොප්රා විවාහ වුනේ මිට මාස කීපයකට ඉහතදී. ඒ ජනප්‍රිය ඇමෙරිකානු ගායක නික් ජෝනාස් සමගින්. මේ දෙදෙනාගේ විවාහය මාධ්‍ය වලට පුවත් මවන්නක් වුනා. විශේෂයෙන්ම දෙදෙනාගේ වයස් පරතරය මිට හේතුවක් වුනා. 36 හැවිරිදි ප්‍රියංකාගේ ස්වාමියා වන නික් 25 හැවිරිදි වියේ පසුවීම ලෝකය පුරාම කතාබහට ලක්වුනා. විවාහයෙන් මාස තුනක් ඉක්ම ගිය තැන මේ යුවළ යළිත් ලෝකය පුරා රසිකයින් අතර කතාබහට ලක්වී තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනා දික්කසාද වීමට සැරසෙන පුවතක් හේතුවෙන්. The Hindu වෙබ් අඩවිය ඇතුළු තවත් මාධ්‍ය කිහිපයක් මේ බව වාර්තා කර තිබුනා.

විවාහය අවසන් වීමත් සමග දෙදෙනා අතර ගැටුම් ඇතිවූ බව මාධ්‍ය වාර්තා පවසනවා. පවුන් දෙදෙනාගේ සමීපතමයන් මගින් ලබාගත් තොරතුරු අනුව මාධ්‍ය මේ පුවත වාර්තා කර තිබුනා. විවාහයෙන් පසුව වුවත් ප්‍රියංකා, තමා බලාපොරොත්තු වුනු කාන්තාව නොවුණු බවත්, ඇය සිය පුතණුවන් “පාවිච්චි කළ” බව තමන්ට වැටහෙන බවත් ජෝනාස් දෙමාපියන් පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් මේ දෙදෙනා විවාහයට එළඹීමට ගත් තීරණය ඉක්මන් වැඩි බවත්, දෙදෙනාගේ රුචි අරුචිකම් පිළිබඳව හෝ අවබෝධයක් දෙදෙනාටම නිවැරදිව නොවන බවත් පවුලේ හිතවතුන් පවසා තිබෙනවා. ඒ නිසාම දෙදෙනා අතර නිතර නිතර ගැටුම් ඇතිවන බව මේ තොරතුරු මගින් සනාත වී ඇති බවත් සඳහන්. කෙසේ නමුත් මේ විවාහය පිලිබඳ ඉක්මනින් තීරණයක් ගන්න ලෙස තමන් පුතණුවන්ට පැවසු බව ජෝනාස් දෙමාපියන් පවසා තිබෙනවා. දෙදෙනාගේ දික්කසාදය පිලිබඳ තීරණය ඉක්මනින් ගනු ඇතැයි දෙදෙනාගේ පාර්ශවයන්හි හිතවතුන් පැවසු බවයි ඉන්දීය වෙබ් අඩවි වැඩිදුරටත් වාර්තා කර තිබුනේ.

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>