
ජාතික සිනමා දිනයක් ප්‍රකාශයට පත්කිරීමට නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අප්‍රේල් 05 වැනිදා ජාතික සිනමා දිනය ලෙස නම්කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇතැයි සඳහන්. මෙලෙස අප්‍රේල් 05 වැනි දිනය තෝරා ගැනීමට හේතුවී ඇත්තේ ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ ජන්ම දිනය එදිනට යෙදී තිබීම හේතුවෙන්.
1956 වසරේ රේඛාව චිත්‍රපටය මගින් ශ්‍රී ලාංකීය සිනමාව නව මානයකට හැරවීමට ආචාර්ය ලෙස්ටර් සමත් වූ බව ඉතිහාසය අධ්‍යනයේදී පෙනී යනවා. එතෙක් ද්‍රවිඩ අනුකාරකවාදී සිනමාවක් ලෙස මෙරට සිනමාවද පැවති බව සඳහන්. ඒ අනුව දේශීය සිනමාවේ පුරෝගාමී පුද්ගලයෙකු ලෙස හෙතෙම සැලකෙනවා. පසුගිය වසරේ අප්‍රේල් 29 වැනිදා මෙලොව හැරගිය ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් උපහාරයක් ලෙස මෙම සිනමා දිනය ඔහුගේ ජන්ම දිනයට යොදාගෙන තිබෙනවා. 2019 අප්‍රේල් 05 වැනිදා ආචාර්ය ලෙස්ටර්ගේ 100 වැනි ජන්ම දිනය යෙදී තිබෙනවා.