Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2376

ආදර තාලෙනි ආදර ගීතය කියුවේ –කපිල සිරිමාන්නගේ සටහනක්

$
0
0

සටහන : කපිල සිරිමාන්න

සිංහල සිනමාවේ පෙම්වතියගේ හඬ වුනේ ඇන්ජලින් ගුණතිලක . ඇය ගුවන් විදුලියෙන් ග්රැමමපෝනය පසුකර ඉක්මනින්ම සිනමාවට එනවා. ඒ 1958 වසරේ තිරගත වූ සොහොයුරෝ චිත්රගපටයෙන්. එහි ලීනා ද සිල්වා සහ අරුණ ශාන්ති වෙනුවෙන් ඇය සිඩ්නි ආටිගල සමග ආදර අඹරේ ආලෝකය විහිදා ගීතවත් වෙනවා. ජෝති ඇන්ජි සුසංයෝගය ඇරඹෙන්නේ ත් 1958 වසරේ මයි. ඒ කීර්තිමත් සංගීතවේදියෙක් වුනු එඩ්වින් සමරදිවාකර සංගීතවත් කල එකම සිනමා පටය වුනු දස්කම චිත්ර පටයෙන් . එහි ආ වාසනාව පෑදේවි රූප රාණි සීදේවි යනුවෙන් අදටත් ජනප්රිිය ගීතය ඔවුන් ගයන්නේ රවින්ද්ර රූපසේන සහ දිස්නා රංජනී වෙනුවෙන්. එදා පටන් 1989 වසරේ තිරගත වූ විජය කුමාරතුංග නිපදවූ වරදට දඩුවම් චිත්රසපටයේ විජය මාලිනි වෙනුවෙන් අඳුර නිවන්නට පහන් දරාගෙන ගීතය තෙක් චිත්රිපට 127 ක ජෝති ඇන්ජි සුසංයෝගය එක් වෙනවා. මෙය සිනමා යුග්මයක් සිංහල චිත්රගපට සඳහා එක් වූ වැඩිම වාර ගණනයි. ලීනා ද සිල්වා ගෙන් ආරම්භ වන තිරයේ ඇගේ ගී හඬ ඒ යුගයේ දිස්නා රංජනී , ෆ්ලොරිඩා ජයලත් , ක්ලැරිස් ද සිල්වා නිළියන් වෙනුවෙන් මුල් යුගයේම මුසු වෙනවා.

60 දශකයේ ආරම්භයේම වාගේ එනම් 1963 දීපශිකා චිත්රාපටයට ඇය සන්ධ්යා කුමාරි වෙනුවෙන් ගැයූ ගීත අතිශය ජනප්රිේය වෙන අතර සන්ධ්යා3 වෙනුවෙන් ඉන්පසු ඇතුල්වීම තහනම් , සුදු දුව , රන් රස වගේම සුරයන්ගේත් සුරයා චිත්රභපට වලට ගැයූ ගීත අද දක්වා පවතින්නේ ජනප්රිීයත්වයේ ඉහලම තැනක. 60 දශකයේ සිනමා සංගීතයේ වෙනසක් ඇතිකළ කේමදාසයන්ගේ සැනසුම කොතනද චිත්රනපටයට හරුන් ලන්ත්රාක සමඟ ඇන්ජි සුළං කුරුල්ලෝ ගයන්නේ 60 දශකයේ සුපිරිම තරු යුවළ ගාමිණී ජීවරාණි වෙනුවෙන්. විජිත මල්ලිකා , තලතා ගුණසේකර ට ඇන්ජි ගේ හඬ මුසුවෙන්න්ත් 60 දශකයේ . 70 දශකය ඇරඹෙන්නේ ඇන්ජි යනු පසුබිම් ගායනා වලට අවශ්යළ ගායිකාවක් නොව අත්යාඬවශ්ය් ගායිකාව බවට පත් කරමින්. ඇන්ජිගේ හඬ මාලනී ෆොන්සේකා ගේ රුව සමඟ මුසුවෙන්නේ 1971 වසරේ තිරගත වූ හතර දෙනාම සුරයෝ චිත්ර පටයේ ජෝති සමඟ විජය මාලිනි යුවළ වෙනුවෙන් ගැයූ අහ අහ ආදරණීය සිනා ඔබේ ගීතයත් සමඟ. එතැන් පටන් තිරයේ මාලිනියගේ හඬ වෙන්නේ ඇන්ජලින්. තුෂාරා, සදහටම ඔබ මගේ, සුසී, කස්තුරි සුවඳ, ආවා සොයා ආදරේ, සංගීතා , කව්ද රජා, හිතුවොත් හිතුවමයි, අපේක්ෂා, නැවත හමුවෙමු, මිහිදුම් සිහින වැනි මාලිනිය ගේ අතිශය ජනප්රිරය වූ සෑම චිත්රනපටයකම මාලිනිය ගේ ගී හඬ ඇන්ජි. හතර දෙනාම සුරයෝ සිට 1992 වසරේ තිරගත වූ මාලිනිය ගේම නිපැයුමක් වුනු සත්යාි චිත්රඇපටයේ ආ සෙනෙහසේ තාරකා ගීතය දක්වා මාලිනිගේ රුවට ඇන්ජිගේ හඬ චිත්රයපට 37 කට මුසු වෙනවා ගීත 85ක් සමඟ . ගීතා කුමාරසිංහ රඟපෑ මුල්ම චිත්රගපට ගීතය වාසනා චිත්ර3පටයේ තරු විසිරුණ ගුවන් තලාවේ විජය ගීතා වෙනුවෙන් ගයන්නේ ජෝති ඇන්ජි . එය තවත් අපූරු සුසංයෝගයක් මවනවා. දමයන්ති, වාසනා , පෙම්බර මධු , නිලුකා , චන්ඩි පුතා , මධුවන්ති, ජිවන කඳුළු , අක්කේ මට අවසර, අංජානා , ජය සිකුරුයි, ජය අපටයි , ඔබටයි ප්රිවයේ ආදරේ , සළඹක් හඬයි ඇතුළු චිත්රතපට 24 කට ගීතාගේ රුවට ඇන්ජලින්ගේ හඬ මුසුවෙනවා. මාලිනී , ගීතා කුමාරසිංහ , සුමනා අමරසිංහ , ශ්රි යානි අමරසේන ,සෝනියා දිසා, ස්වර්ණා කහවිට, ජෙනිටා සමරවීර , කාන්ති ලංකා , ෆරිනා ලයි , මානෙල් වානගුරු, විණා ජයකොඩි 70 දශකය ඇන්ජිගේ හඬින් වර්ණවත් කර සිනමාවේ ස්වර්ණමය යුගය බවට පත් කරනවා.

80 දශකය ආරම්භයේම තිරයට එන සබීතා පෙරේරා ට සබීතා මුල්ම චිත්රවපටයෙන් ගීත ගයන්නෙත් ඇන්ජි. රෝසී, රස රහසක්, නොම්මර 17 ඇතුළු චිත්රජපට 20ක සබීතා ඇන්ජලින් එක් වෙනවා. සබීතා පෙරේරා, මැණික් කුරුකුල සුරිය , අනෝජා වීරසිංහ, වසන්ති චතුරාණි, නදීකා ගුණසේකර, රෝසි සේනානායක, විශාකා සිරිවර්ධන, ශිරාණි නුගේරා 80 දශකයේ ගීතවත් වෙන්නේ ඇන්ජිගේ හඬින් . සිනමා පසුබිම් ගීත වලට වැඩිපුර පෙනී නොසිටි ස්වර්ණා මල්ලව ආරච්චි ටත් සංඛපාලි චිත්ර පටයට සංසුන් සිතිවිලි සලා ගීතය ඇන්ජි ගයනවා. 90 දශකය ආරම්භයේ සිනමාවට එන දිල්හානි ඒකනායක ට ඇගේ මුල්ම සිනමා පටය වූ දේදුන්නෙන් සමනලියක් චිත්රකපටයටත් සංගීතා වීරරත්න ට ඇගේ මුල්ම සිනමා පටය වූ යසස චිත්රනපටයටත් මේ රිදී සීනු හඬින් තම මුල්ම සිනමා ගීතය ගයන්නට වාසනාව ලැබෙනවා. සිංහල සිනමාව පවතින තාක් කල් ඇන්ජලින් ගුණතිලක නාමය ගහට පොත්ත මෙන් බැදී තිබෙන බව සහතිකයි. “මල් මල් රටකය ඔබ මා කැඳවා ආවේ රන් කුසලානෙනි පෙම් මදිරා රස පෑවේ ආදර තාලෙනි ආදර ගීතය කීවේ සිනාවෙන් කදුලැලි පිරි රටකය ඔබ මා හැර ලුයේ ” කල මෙහෙවරට ස්තුතියි. ඔබට මොක්ෂයේ සුවය ලැබේවා !!!

සටහන : කපිල සිරිමාන්න

 

Share


Viewing all articles
Browse latest Browse all 2376

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>