Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

ඓශ්වර්යා යළිත් හොලිවුඩ් සිනමාවට..?

$
0
0

සුරූපී බොලිවුඩ් නිළියක මෙන්ම හිටපු ලෝක රූ රැජිණක්ද වන ඓශ්වර්යා රායි බච්චන් නැවත හොලිවුඩ් සිනමාව සමග එක්වන බවට ඉන්දීය වෙබ් අඩවි වාර්තා කරනවා. ව්‍යාපෘතිය පිලිබඳ තොරතුරු තවම අනාවරණය වී නැති බවත්, කෙසේ නමුත් මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට එම ව්‍යාපෘතිය ආරම්භ කරනු ඇති බවත් එම පුවත් මගින් කියවෙනවා.

දීපිකා පදුකෝන් සහ ප්‍රියංකා චොප්රා හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වීමට පෙර ඓශ්වර්යා හොලිවුඩ් සිනමාපට වල රංගනයේ යෙදී තිබුනා. මේ ව්‍යාපෘතිය ඇය බාර ගතහොත් එය ඇගේ හයවැනි හොලිවුඩ් සිනමාපටය වන බවද සඳහන් වනවා. සුරූපී ඓශ්වර්යා, මේ ව්‍යාපෘතිය සම්බන්ධ මුලික අදියරේ කටයුතු වල මේ දිනවල යෙදී සිටින බවයි මෙම පුවත් වාර්තා කොට තිබුනේ.

Bride and Prejudice, The Mistress Of Spices, Provoked, The Last Legion and The Pink Panther 2 වැනි නිර්මාණ සමග ඇය මිට පෙර වැඩකොට තිබෙනවා. ඇගේ ජනප්‍රියත්වය බොලිවුඩයට වඩා හොලිවුඩ් සහ බටහිර සිනමා ක්ෂේත්‍රයේ එලෙසින්ම රැඳී පවතින බව මාධ්‍ය වාර්තා පවසනවා. කෙසේ නමුත් ඇය මේ ව්‍යාපෘතියේ වැඩකටයුතු බාර ගනියිද, ඒ ව්‍යාපෘතිය කුමක්ද යන්න ඉදිරි මාස කිහිපය තුළ තහවුරු වනු ඇති බවට විශ්වාසය පළකෙරෙනවා.

මුලාශ්‍ර : www.indiatoday.in වෙබ් අඩවිය

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>