
චිත්‍රපටයක් නැරඹීමේ සහ ඒ ගැන සංවාදයක් පැවැත්වීමේ වැඩසටහනක් පසුගියදා කොළඹදී සංවිධාන කෙරුනා. වැඩසටහන සංවිධානය කලේ ලංකා සිනමා සංගමයෙන්. (Ceylon society of cinema). Wong Kar-Wai ගේ ප්‍රසිද්ද සිනමාපටයක් වුනු In the mood of love චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සිදුවුනා. ඊට පස්සේ ඒ චිත්‍රපටය ගැන සංවාදයක් පැවැත්වුනේ Visual Storytelling කියන මාතෘකාව එක්ක. ලක්මාල් ධර්මරත්න, සමීර තිලකවර්ධන සංවාදයට සහභාගී වුනා.