Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

SAARC සිනමා උළෙල මෙවරත් කොළඹදී

$
0
0

SAARC සංස්කෘතික මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධාන කරන චිත්‍රපට උළෙල මෙවරත් කොළඹදී පැවැත්වීමට සුදානම් කොට තිබෙනවා. සිනමා උළෙල මෙවර පැවැත්වෙන්නේ නමවැනි වතාවටයි. ජූලි මස 2 වැනිදා සිට 7 වැනිදා දක්වා මේ සිනමා උළෙල පැවැත්වීමට සියල්ල සුදානම්. ජූලි 2 වැනිදා උදේ සමාරම්භක උළෙල පැවැත්වීමෙන් ආරම්භ වන චිත්‍රපට උළෙලට සිනමා දර්ශනයන්ට අමතරව තවත් විශේෂාංග මෙවරත් ඇතුළත් කොට තිබෙනවා.

විශේෂයෙන්ම සිනමාකරණය පිලිබඳ වැඩමුළුවක් පැවැත්වීමට සංවිධායකයින් සුදානම්. ජූලි මස 5 වැනිදා උදේ 10.00ට මේ වැඩසටහන පැවැත්වෙනවා. පෙර ලියාපදිංචි වූවන්ට පමණයි මේ සඳහා සම්බන්ධ වීමට හැකියාව තිබෙන්නේ.

කෙටි චිත්‍රපට සහ වෘතාන්ත චිත්‍රපට යන දෙවර්ගයම  සිනමා උළෙලට ඇතුල්වීම සම්පුර්ණයෙන්ම නොමිලේ. 7 වැනි ඉරිදා සවස 6.00ට සිනමා උළෙලේ සම්මාන ප්‍රධානය කිරීම සිදුවනවා. චිත්‍රපට නැරඹීමට මෙන්ම අනිකුත් විශේෂාංග සඳහාද සහභාගී වීමට ඔබ සැමට විවෘත ආරාධනයක් කෙරෙනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>