
විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ ඔහුගේ පළමු වෘතාන්ත චිත්‍රපටය “සයපෙති කුසුම” විශේෂ දර්ශනයක් කොළඹදී පැවැත්වෙනවා. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සිනමා දැක්ම වැඩසටහන යටතේ මෙවර සයපෙති කුසුම තිරගත කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඔක්තෝබර් මස 09 වැනිදා, බදාදා සවස 6.30ට මෙම චිත්‍රපට දර්ශනය පැවැත්වෙනු ඇති. සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන සිනමා දර්ශනයට පැමිණෙන අනුපිළිවෙලින් අසුන් හිමිවන බව සංවිධායකයින් සඳහන් කරනවා.
විසාකේස චන්ද්‍රසේකරම් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ “සයපෙති කුසුම” නොහොත් Frangipani චිත්‍රපටය 2016 වසරේ නිර්මාණය වූවක්. සාමකාමී තරුණයන් දෙදෙනෙක් සහ තරුණියකගේ ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ මේ චිත්‍රපටයට දසුන් පතිරණ, ජෙහාන් ප්‍රනාන්දු සහ යශෝධා රසඳුනි ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වනවා. සම්මාන උළෙල කිහිපයකදීම විවිධ සම්මාන හිමිකර ගැනීමට මේ චිත්‍රපටය සමත් වුනා. කොළඹ 03, ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යානයේ පිහිටි බ්‍රිතාන්‍ය කවුන්සිලයේදී මෙවර මේ චිත්‍රපටය තිරගත වනවා.