Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

චිත්‍රපටය බැලුවම, මමත් JOKER කෙනෙක් නේද කියල හිතුනා

$
0
0

උපුටනයකි. සංජිව සෙනවිරත්න ඔහුගේ Facebook පිටුවේ තැබූ සටහනක්.
– JOKER –
ලොව ඔනෑම කෘතියක කියවිම් වලට යන විට එක තමන්ගේ ජිවිතයත් එක්ක බද්ධව කියව ගන්නවා නම් තමයි ලේසි. මොකද මට මේ චිත්රපටය බලලා නැගිටිද්දි මාත් ‍joker කෙනෙක් නේද? කියන ප්රශ්නය ආවා. ‍හිතේ පොඩි පිඩනයක් ඉතිරි වුනා ..එකත් JOKER කෙනෙක් වෙන්න යම් බලපෑමක් ඇතිවන කාරණාවක් . අම්මෙක්,අප්පෙක් නැති එකෙක්ට වඩා සාමජයක් ,සංස්කෘතියක් ,දේශපාලනයක් , අහිමි එකෙක්,කියන්නේ ලොකේ මොන තරම් දියුණු උනත් ඌ පොඩි එකාගේ සිට ලොකු එකා දක්වා ගැරහුම් ලබනවා. ඌව පිස්සෙක් වෙනවා.එයා ආසකරන දෙයක් එක්ක ජිවත් වෙන්න බැරිවෙනවා. ඌ කතාකරන දෙවල් අනිත් මිනිස්සුන්ට අහන් ඉන්න ඕනේ නැති වෙනවා. එතකොට බ්හිවෙන්නේ JOKER කෙනෙක් තමා. මේ චිත්‍රපටයේ පළවෙනි දර්ශනයෙන් පැහැදිලි කරනවා එහි ගොඩක් දෙවල්. මෙහි ප්‍රධාන චරිතය (Arthur Fleck) ඔහුගේ හිනාවෙන්න කට හොදින් ඇදලා උත්සහ කර්ද්දි ,එය අසාර්ථක වෙනකොටම කඳුළක් යන්තමින් ඇස් අගින් පනිනවා. චිත්‍රපටයේ සමස්ථයම දිව යන්නේ මේ ස්වභාවයත් එක්ක. තවත් කාරණාවක් තමයි තමන්ට අහිමි ලොකය මවා ගන්න යද්දී, අවසානයේ උන්මත්තකයෙකු විම අපටත් වෙන්න පුලුවන් දෙයක්. ඇත්තටම මේ තියන හිස් බවත් එක්ක, එක වෙන්න පුලුවන් හින්දා පරිස්සම් වෙන්න ඕනා කියලත් මට හිතෙනවා. 

පොඩි කාලේ ළමයෙක් අඩද්දි ,අම්මා,තත්තා ,කිරි අම්මාලා ,සියලා ,නෑයෝ,යහළුවෝ ,කොච්චර දෙවල් ඒ ළමයට කියලා නලව ගන්නවාද ?එත් එක්කම ඒ පොඩි ළමයා අවදානය ගන්න නොයෙක් එවා කරනවා ,ගොඩක් වෙලාවට කරන්නේ අඩන එක ,, පොඩ්ඩක් ලොකු වුනාට පස්සේ දඟ වැඩ කෙලවරක් නෑ ..එයා ගැන අවධානය නැති වුනාම භීෂණකාරී කාරි ගතිය තවත් වැඩි ..ලොකු වුනාට පස්සේ මෙක ඔක්කොම සමනයකට පත්වෙලා හරියයි කියලා හිතනවාද ? නෑ එයාට සංස්කෘතික ,සමාජ,දේශපාලනික, යන ආදි ගොඩක් දෙවල් වලින් රැකවරණයක් ඔනේ ,අගයකිරිමක් ඔනා …එහෙම නැතිවුනාම වෙන්නෙ ලොකු භීෂණකාරී තත්වයක් උදාවෙන එක.. එක ගොඩක් දුරට මැරෙනකම් මග හරවගන්න බැරිවෙනවා ..අප්රසිද්ධ,ප්රසිද්ධ ‍‍JOKER ලා බිහිවනවා.

මම ආසයි කතා කරන්න ‍මේ චිත්රපටයේ ඉහත කිවු ‍භීෂණය ගෙන්න නිර්මාණ කරුවා භාවිතා කරලා තියන elements කිහිපයක් ගැන –

පළවෙනි එක තමයි මේ “joker” කියන චරිතය- ප්‍රධාන වශයෙන් ඉතාමත් ජනප්‍රියට පත්වූ ‍‍comic book වල දුෂ්ටයකු ,සමාජයෙන් නෙරපන ලද්දෙකු වන joker මේ නිර්මාණයයෙදි ඔහුගේ ආර්ථික‍,සමාජ,දේශපාලනික වටපිටාවත් එක්ක ක්‍රමයෙන් දුෂ්ටයෙකු බවට පත් කරනවා. ඇත්තටම මේ චිත්‍රපටය JOKER ගේ උපත ගැන බැලුවා වගේ..

දෙවනි එක තමයි තමන්ගේ makeup එක තමන්ම දාගන්න එක මේ චිත්‍රපටයේ ප්‍රබලතම ‍‍element එකක් කියලා මට හිතේනවා..අපි makeup බඩු වලින් makeup නොදැම්මාට, කොච්චරනම් makeup දාගන්නවාද ? මේ තියන වටපිටාවට ගැලපෙන්න ..එක හරි ගියේ නැති වුනාම කොච්චර නම් පිඩා විඳිනවාද ?

තුන්වෙනි එකතමයි Arthur Fleck ගේ නර්තන චලනය ඇතම් වේලාවට ඇස් අරන් මේ ගැන විතරක් බලන් ඉද්දි JOKER චරිතයට මෙක ගැලපෙන්නේ නෑ,එකේ තියනවා හරි ගොන් ගැණු ගතියක් වගේ දෙවල් මට හැගුණා ..එත් සමස්ථ නිර්මාණය එක්ක බලද්දි ‍එක මරුවට ගැලපෙනවා ..හෙතුව තමයි අර කියන සමාජ,සංස්කෘතික,දෙශපාලනික බෙලහිනතාවය විසින් කොහෙත්ම දියුණු චලනයන් තියන මිනිස්සු බ්හිකරන්නේ නෑ..

හතරවෙනි එක තමයි Arthur Fleckට තියන මානසික රොගය එක නිර්මාණය බලන්න අවශ්ය කරන විශ්වාසනීය පද්ධතිය ගෙන්නේ මේ මානසික රොගෙන් ..ඒ වගේම මට හිතෙන විදිහට චිත්‍රපටයේ කාල අවකාශය පවත්වන් යන්නෙත් මේ කියන මානසික රොගය ..‍‍

තව ගොඩාක් elements තියනවා මේ කෘතිය පොෂණය කරපු..අපි එවා පුලුවන් විදිහට බෙදා හදා ගමු ..

සටහන : සංජිව සෙනවිරත්න

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>