
ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව සංවිධාන කරන ඉරාන සිනමා දැක්මේ නොවැම්බර් කලාපය පැවැත්වීමට සූදානම්. නොවැම්බර් 24 වැනි බ්‍රහස්පතින්දා සවස 5.30 සිට චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී මේ චිත්‍රපට දර්ශනය පැවැත්වෙනවා.
Ali Vazirriyan අධ්‍යක්ෂණය කළ One Line of Reality චිත්‍රපටය මෙවර තිරගත කිරීමට නියමිතයි. Mehraveh Sharifinia සහ Hossein Yani මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. මිනිත්තු 90ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය 2012 වසරේ නිපදවූවක්.
ඔක්තෝබර් 24 වැනිදා තරංගනී සිනමා ශාලාවේදී මේ චිත්‍රපටය නොමිලේ නැරඹීමට ඔබට අවස්ථාව හිමිවනවා.