Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සිනමා දැක්මෙන් මෙවර GOSFORD PARK

$
0
0

ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය පවත්වන සිනමා දැක්ම ඔක්තෝබර් මස 25 වැනිදා යළිත්  පැවැත්වෙනවා. 25 වැනි සිකුරාදා සවස 6.30 සිට රාත්‍රී 9 දක්වා සිනමා දර්ශනය පැවැත්වීමට නියමිතයි. කොළඹ 03, ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යානයේ අංක 49 පිහිටි බ්‍රිතාන්‍ය කවුන්සිලයෙදී චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවා. මෙවර ඔවුන් තෝරාගෙන තිබෙන්නේ Gosford Park චිත්‍රපටයයි.

2001 වසරේ බ්‍රිතාන්‍යයේ නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටය mystery film එකක් ලෙස ඔවුන් හඳුන්වා දෙනවා. Robert Altman අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ තිර රචනය Julian Fellowes විසින් සිදුකොට තිබෙනවා. Eileen Atkins, Bob Balaban, Alan Bates, Charles Dance, Stephen Fry ඇතුළු නළු නිළියන් පිරිසක් මේ චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා. මිනිත්තු 137ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය නිර්මාණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 19.8ක් වැයකළ බවත්, බොක්ස් ඔෆිස් වාර්තා අනුව ඇමරිකානු ඩොලර් මිලියන 87.8ක ආදායම් අගයක් වාර්තා කළ බවත් අන්තර්ජාලයේ තොරතුරු අතර තිබෙනවා.

මෙවරත් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සිනමා දැක්ම සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නක්. සිනමාවට කැමති ඔබට මේ සිනමා දර්ශනය සමග එක්වන ලෙස සංවිධායකයින් ඇරියුම් කරනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>