පූජා උමාශංකර් කියන්නේ ලංකාවේ රසික රසිකාවියන් අතර අති මහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත් දකුණු ඉන්දීය නිළියක්. ලංකාවේ තිරගත වුණු කුස පබා චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු ඇය මේ දිනවල දකුණු ඉන්දීය දමිළ චිත්‍රපටයකට රංඟනයෙන් දායක වී තිබෙනවා. නුදුරේදී තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සඳහා මේ වන විට පූජා ඉන්දියාව බලා පිටත්ව ඇති බවද වාර්තා වනවා. ඇයගේ මෙම නවතම චිත්‍රපටය සඳහා දැනට ලැබී ඇති ප්‍රතිචාර බෙහෙවින් සතුටුදායක බවද, චිත්‍රපටය අති සාර්ථක චිත්‍රපටය් වනු ඇති බව තමා විශ්වාස කරන බවද පූජා Cinema.lk වෙත අදහස් දක්වමින් පවසා සිටියා.
The post Vidiyum Munn | පූජාගේ අලුත්ම දමිළ චිත්‍රපටය appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.