Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

කොරෝනා නිසා හොලිවුඩය අර්බුධයක

$
0
0

COVID-19 වෛරසය ලෝකය පුරා පැතිර යාමෙන් සියළු ක්ෂේත්‍රවල කටයුතු අඩාල වෙලා. සිනමාව ඇතුළු විනෝදාස්වාදය සපයන කර්මාන්ත (Entertaining industry) මේ අතර විශේෂයි. සිනමාහල්, නාට්‍ය ශාලා, වසා දැමීමත්, ප්‍රසංග අවලංගු කිරීමත් හේතුවෙන් නිර්මාණකරුවන් වගේම කර්මාන්තයේ නියැලෙන බොහෝ පිරිස් අපහසුතාවකට පත්ව ඇති බව තමයි ලෝකය පුරාම වාර්තා වන්නේ. හොලිවුඩ් වලටත් මේ තත්වය මෙලෙසින්ම බලපෑවා.

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මේ වනවිට (18/03/2020 – 11.30pm) වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 598ක් පමණ වන බව සඳහන්. ඒ වගේම එරට වේලාවෙන් සවස 6.00 පමණ වනවිට Los-Angeles හි තහවුරු කරගත් ආසාදිතයින් ගණන 198ක් බව පැවසුනා. ඉන් එක අයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. West-Hollywood නගරාධිපති John D’Amico තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කොට තිබෙනවා. මේ තත්වය යටතේ හොලිවුඩ් දැවැන්ත බිඳවැටීමකට මුහුණදී තිබෙනවා.

පසුගිය මාර්තු 06 වැනිදා සිට එහි බොහෝ සිනමාහල් රංගශාලා ආදිය වසා දැමුනා. චිත්‍රපට, නාට්‍ය සංගීත ඇතුළු විනොදාස්වාදන කර්මාන්තය සම්පුර්ණයෙන් ඇණහිට තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මුළු හොලිවුඩ් පුරයම භීතියෙන් ඇලලී ගිහින් යනුවෙන් ඒ වාර්තා වල කියවෙනවා. සමහර මාධ්‍ය පවසන්නේ මේ අත්දැකීම ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක් සජීවීව අත්විඳිනවා වැනි බවයි. Steven Soderbergh අධ්‍යක්ෂණය කළ, 2011 වසරේ තිරගත කෙරුණු Contagion,චිත්‍රපටය පසුගිය සතියේ Online platforms වසින් වැඩිපුරම download කොට නරඹා ඇති චිත්‍රපටය බවත් ඒ වාර්තා වල කියවෙනවා.

කෙසේ නමුත් සියල්ල යථා තත්වයට පත්කර ගැනීම එතරම් පහසු නොවනු ඇතැයි ඇතැමුන් මත පළකරනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>