
“දෙවැනි ඉනිම” නමින් චිත්‍රපටයක් නිර්මාණය කෙරෙන ආරංචියක් ඇවිත්. ඒ ආරංචියත් එක්ක Social media වල එක එක විදිහේ මත පලවෙන්නත් පටන් ගත්තා. ඇත්තටම මේ ආරංචිය මොකක්ද..?
මේ තොරතුර වාර්තා වෙන්නේ බොලිවුඩ් පුරයෙන්. බොලිවුඩ් වල පහුගිය කාලේ හුඟක්ම ජනප්‍රිය වුනු Rajkummar Rao සහ Kriti Sanon දෙන්න දායක වන අලුත්ම චිත්‍රපටයට “දෙවැනි ඉනිම” කියල නමයොදන්න නිෂ්පාදනය කණ්ඩායම තීරණය කිරීම තමයි මේ ආරංචියට හේතුව. Bareilly Ki Barfi චිත්‍රපටයේ මේ දෙදෙනාගේ රංගනය සහ ඒකට ලැබුන ප්‍රතිචාර නිසාම ඔවුන් දෙදෙනා මේ චිත්‍රපටයටත් සම්බන්ධ කරගෙන තියෙන බවත් මේ ආරංචි වලින් කියවෙනවා.
Abhishek Jain අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ වැඩකටයුතු පසුගිය මාර්තු මාසයේ ආරම්භ කිරීමට නියමිතව සිටි බවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමත් එක්ක ඒ කටයුතු කල්දැමූ බවත් බොලිවුඩ් ආරංචි මාර්ග පවසා තිබුනා. දරුවෙක්ව හදාගැනීම කියන එක අපේ සමාජයේ සාමාන්‍ය දෙයක් වුනත් තරුණ යුවලක් තමන්ගේ පාලුව තනිකම නැතිකරගන්න හිතාගෙන දෙමව්පිය යුවලක් “දරුකමට හදාගන්න” ගත්ත කිවුවොත්..? ටිකක් හාස්‍යජනක දෙයක් නේද..? ඒ හාස්‍ය මේ චිත්‍රපටයේ අපූරුවට නිර්මාණය වෙයි කියල තමයි බොලිවුඩ් ආරංචි මාර්ග වලින් කියවෙන්නෙ. කොහොම වුනත් කොරෝනා තත්වය පාලනය වීමෙන් පස්සේ Second Innings” නැත්නම් දෙවැනි ඉනිම චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කෙරෙන බවත් Bollywood hungama වාර්තා කරලා තිබුනා.