
දේශීය සිනමාවේ “කඩවසම් දුෂ්ටයා” ලෙස නම් ලැබූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු රංගන ශිල්පියා මියගොස් තිබෙනවා. දේශීය සිනමාවේ විශිෂ්ටම සටන් නළුවකු සහ ජනප්‍රිය ප්‍රතීවිර චරිත රඟපෑ ශිල්පියකු වන ඔහු මියයන විට 79 වැනි වියේ පසුවුනා.
1940 අගෝස්තු 25 වැනිදා කොටහේනේදී උපත ලැබූ Joseph Manuel Alexander Fernando පසුකලෙක සිනමා තිරයේදී Alexander Fernando ලෙස ජනප්‍රිය වුනා. සිංහල චිත්‍රපට 120ක්, ද්‍රවිඩ චිත්‍රපට 6ක් සහ ඉංග්‍රීසි චිත්‍රපටයක් සඳහා රංගන දායකත්වය ලබාදීමට ඔහුට හැකියාව ලැබුනා. ශාන්ත බෙනඩික් විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයෙන් අද්‍යාපනය ලැබූ ඔහු, පාසල් සමයේ අධ්‍යාපනයට මෙන්ම විෂය භාහිර ක්‍රියාකාරකම් වලදීද කැපී පෙනුණු චරිතයක් වුනා. රෙස්ලින් ක්‍රීඩාවට, බොක්සින් ක්‍රීඩාවට සහ පිහිනීම සඳහා ඔහුගේ වැඩි අවදානයක් යොමුව තිබුනා. වයස අවුරුදු 15 සිට Armstrong Wrestling Clubහි සාමාජිකයකු ලෙස ඔහු ක්‍රීඩා කළා. 1962 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, 1964 ටෝකියෝ ඔලිම්පික් සහ 1966 බැංකොක් නිපොන් ආසියානු කුසලාන වැනි ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීමට ඔහුට අවස්ථාව හිමිවුනා.
ද්‍රවිඩ භාෂාවෙන් නිමවුණු වේදිකා නාට්‍ය රංගනයට දායක වෙමින් රංගන කටයුතු ආරම්භ කළ ඔහු, පළමු වරට 1963දී “වෙන ස්වර්ගයක් කුමටද” චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වුනා. හෙන්රි ජයසේන සමග ඔහු එම චිත්‍රපටයේ සහය නළුවකු ලෙස රංගනයේ දී තිබෙනවා. ඉන් අනතුරුව, හාරලක්ෂය, ශ්‍රී මදාරා, රජගෙදර පරවියෝ, සරදියෙල්ගේ පුතා, පස මිතුරෝ වැනි චිත්‍රපට හරහා සිනමා ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන මතක රැසක් ඉතිරි කිරීමට ඔහු සමත් වුනා. සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මාතර ආච්චි චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂවරයා ලෙස සම්බන්ධ වන ලෙස ඔහුට ලැබුණු ඇරයුම බාරගත් ඔහු සටන් අධ්‍යක්ෂ වරයකු ලෙසද සිනමාවට දායකත්වය ලබාදුන්නා.
Yar Aval, Engleil Oruvan, Nangu Lechchami, Rattathi Thirtemme යන ද්‍රවිඩ චිත්‍රපට සහ Reincarnation යන ඉංග්‍රීසි චිත්‍රපටය සඳහාද හෙතෙම රංගන දායකත්වය ලබාදී තිබෙනවා.