Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

Children of White සම්මානිත කෙටි චිත්‍රපටය නරඹන්න.

$
0
0

දුලංක දේවේන්ද්‍ර අධ්‍යක්ෂණය කළ සම්මානිත කෙටි චිත්‍රපටය දැන් YouTube ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා. 2018 වසරේ නිර්මාණය කළ මේ කෙටි චිත්‍රපටය මෙරටදී මෙන්ම විදෙස් සිනමා උළෙලහිදීත් සම්මාන දිනා ගත්තා. සංජීව සෙනවිරත්න, යශෝධා රසඳුනි සහ Joshua Solomonz මෙම චිත්‍රපටයේ චරිත නිරුපණයට එක්ව තිබෙනවා. කැමරා අධ්‍යක්ෂණයෙන් හසිත වර්ණසූරිය සහ වර්ණ සංයෝජනයෙන් රොෂාන් එඩ්වඩ් මේ චිත්‍රපටයට දායකත්වය දැක්වූවා. මධුන් දිසානායක සංගීත නිර්මාණය කළ මේ කෙටි චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියා වුයේ නාරද ධනන්ජි තොටගමුවයි. කලා අධ්‍යක්ෂණයෙන් හසින්ත ප්‍රියලාල් සහ VFX නිර්මාණයෙන් දසුන් සුධීර ජයසිංහත් බිනර අබේවංශත් චිත්‍රපටයට දායක වුනා.

“Children of white කෙටි චිත්රපටිය හැදුනේ මීට අවුරුදු දෙකකට කලින්. හරිටයට ම 2018 අප්රේල් මාසයේ. එතැන ඉඳන් දේශීය හා විදේශීය චිත්රපට උළෙලවල් රැසක සැරිසැරල අන්තිමේදි මේක හැමොටම බලන්න Youtube දාන්න තීරණය කරා. Children of White කාරණා කිහිපයක් නිසාම ම්ට පුද්ගලිකව ඉතාම සුවිශේෂී වෙනව. සිංගප්පූරු දකුණු ආසියානු චිත්රපටි උළෙලේ හොඳම කෙටි චිත්රපටියට හිමි සම්මානේ අරගෙන මමත්, ආචාර්ය සුමදි සිවමෝහන් (ඇගේ “පුත්තු සහ පියවරු” හොඳම චිත්රපටියට නිර්දේශ වී තිබුණා) හෝටලයට ඇවිත් කෑම ගනිමින් ඉන්නවා. විදේශිකයෙක් පැමිණ, යශෝධාගේ රංගනය ඇතුළු බොහෝ දේ වර්ණනා කරනවා. ඇය කවදා හෝ ජාත්යන්තරය ජය ගනිවි යැයි ඔහු කියනවා. ඔහු, No Man’s Land, The Lunchbox ඇතුළු චිත්රපට කිහිප්යක නිෂ්පාදක Marc Baschet.” චිත්‍රපටය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ දුලංක දේවේන්ද්‍ර ඔහුගේ Facebook ගිණුමේ එලෙස සටහන් කොට තිබුනා.

2018 වසරේ සිට මේ දක්වා Children of White චිත්‍රපටය දිනාගත් සම්මාන

Winner – Best Short Film at the Singapore South Asian Film Festival 2018
Winner – Best Short Film at Jaffna International Cinema Festival Sri Lanka 2018
Winner – Most Promising Director at Agenda 14 Short Film Festival Sri Lanka 2018
Official Selection – Best International Short Film at Monterrey International Film Festival Mexico 2018

දුලංකගේ සම්මාන දිනූ කෙටි චිත්‍රපටය නරඹන්න.

 

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>