
කොරෝනා වෛරසයට මුහුණ දෙමින් නිවෙස් වලටම වෙලා ඉන්න අතරවාරයේ ලෝකය පුරාම විවිධ ක්ෂේත්‍ර වලින් අලුත් නිර්මාණ කටයුතු අත්හදා බැලීම සිදු වනවා. පසුගිය කාලය පුරාම YouTube ඇතුළු විවිධ අවකාශයන් හරහා මේ විදිහේ නිර්මාණ අපට දකින්න ලැබුනා. ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල සිනමාවේ මේ විදිහේ නිර්මාණ කරන්න ඒ ඒ රටවල කලාකරුවන් කටයුතු කළා. ලංකාවේ නිර්මාණය වුනු එවැනි කෙටි චිත්‍රපටයක් මේ. අසෝක හඳගමගේ තිර රචනයක් අනුව ඔහු අධ්‍යක්ෂණය කළ මේ කෙටි චිත්‍රපටයේ නම Beer without alcohol. නදී කම්මැල්ලවීර, රුක්මල් නිරෝෂ්, සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ මේ චිත්‍රපටයේ රංගනයේ යෙදෙනවා. ඉන්ද්‍රචාප ලියනගේ සංගීත නිර්මාණයෙන් දායක වී තිබෙනවා. අන්තර්ජාලයේ zoom app එක භාවිතා කරමින් නිර්මාණය කෙරුණු මේ කෙටි චිත්‍රපටය සංස්කරණය කලේ රුක්මල් නිරෝෂ් විසින්මයි.
මේ YouTube link එක ඔස්සේ Beer without alcohol කෙටි චිත්‍රපටය නැරඹිය හැකියි.