Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2376

ලොවවටා ගිය ලංකාගේ “සම්ප්‍රදාය” YouTube අවකාශයට

$
0
0

නාට්‍යවේදිනියක්, රංගන ශිල්පිනියක් ලෙස දිගු කලක් කලා ක්ෂේත්‍රයේ කටයුතු කළ ලංකා බණ්ඩාරනායකගේ සම්මානිත කෙටි චිත්‍රපටය YouTube අවකාශයට එක්කිරීමට සැරසෙන බව ඇය නිවේදනය කරනවා. සම්ප්‍රදාය (Tradition) ලෙස නම්කළ මෙය ඇගේ පළමු කෙටි චිත්‍රපට නිර්මාණය වනවා.

සාම්ප්‍රදායික මංගල ඇදුමකින් සැරසෙන තරුණියක්ව, මංගල ආභරණ පැළදවීමේ අර්ථයද එකින් එක පැහැදිලි කරමින් වැඩිහිටි ගැහැණියක් විසින් සූදානම් කරනු ලබනවා. ඒවායේ අර්ථයන් හරහා තරුණිය තම පැරණි පෙම්වතුන් සමග තිබූ සම්භන්දතාවයන් වල ස්වාභාවය, ඒවා ඇගේ ජීයිතයට කළ බලපෑම් සිහි කරයි. අවසානයේ ඇය සැබෑ ලෙසම යා යුතු වන්නේ ඇගේ මංගල ගමන නොවන බව මේ චිත්‍රපටයෙන් කතාබහට ලක් කෙරෙනවා. චිත්‍රපටයේ තිරරචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ලංකා බණ්ඩාරනායකගෙන්. විධායක නිෂ්පාදනයෙන් රන්සිරි පෙරේරා, කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වජිත් කරුණාරත්න, සංස්කරණයෙන් සංඛ මල්වත්ත, සංගීත නිර්මාණයෙන් සුමුදු ගුරුගේ, කලා අධ්‍යක්ෂණයෙන් රංග සේනානායක, වේශ නිරුපණයෙන් ශාලිත ගුණවර්ධන, සහය අධ්‍යක්ෂණයෙන් රුවන් මලිත් පීරිස් සහ නිෂ්පාදන කළමනාකරණයෙන් නාමල් ගමගේ මෙම චිත්‍රපටයට දායකත්වය ලබාදී තිබෙනවා.

කැලුම් ගම්ලත්, අයිරාංගනී සේරසිංහ, සමීර ලක්මාල්, නිලංක දහනායක, අරුනෝද් විජේසිංහ, කලණ ගුණසේකර, අංජන ප්‍රේමරත්න, රජීව් ආනන්ද චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. ලොව වටා සිනමා උළෙල 40ක සංචාරය කිරීමට ලංකාගේ “සම්ප්‍රදාය” කෙටි චිත්‍රපටයට හැකියාව ලැබුනා.

“සම්ප්‍රදාය” කෙටි චිත්‍රපටය තිරගත කෙරුණු ප්‍රධාන සිනමා උළෙල කිහිපයක්.

  •  71st Locarno Festival (Open Doors Screenings) 2018 in Switzerland
  • 21st Toronto Reel Asian Film Festival in Canada, 16th IVY Film Festival in the USA,
  • 15th Filmfest Düsseldorf in Germany, 14th VIS Vienna Shorts in Austria,
  • Cannes Corner at 70th Cannes Film Festival in France
  • Other international film festivals in the UK, Italy, Czech Republic, Egypt, China, and India, etc.

සම්ප්‍රදාය කෙටි චිත්‍රපටය ලබාගත් ප්‍රධාන සම්මාන

 

  • Best Short Film (Film student award) at 12th Jogja-NETPAC Asian Film Festival 2017, Indonesia
  • Best Cinematography at “Euro Kino” Czech IIFF 2017, Czech Republic
  • 2nd Best Film at National Youth Cinematic Harvest 2016, Sri Lanka

සම්ප්‍රදාය (Tradition) කෙටි චිත්‍රපටය මැයි 21 වැනිදා සිට ඔබට YouTube අවකාශය ඔස්සේ නැරඹිය හැකියි. මැයි 21 වැනිදා සවස 3.00ට ලංකාගේ “සම්ප්‍රදාය” කෙටි චිත්‍රපටය ඇගේ YouTube නාලිකාවේ Premier කෙරෙනු ඇති. එතැන් සිට ඔබට “සම්ප්‍රදාය” කෙටි චිත්‍රපටය අන්තර්ජාලයෙන් නැරඹිය හැකියි.

Channel Link  :  https://www.youtube.com/user/lanka601/videos

Official Trailer  : https://www.youtube.com/watch?v=Pz7c_hh3RlI

 

 

Share


Viewing all articles
Browse latest Browse all 2376

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>