Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

මලිත් හෑගොඩගේ “දැකල පුරුදු කෙනෙක්”යළිත්

$
0
0

මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ බූපති නලින් තිර රචනා කළ “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටය තිරගත වුනේ 2018 වසරේ. ප්‍රේක්ෂක වගේම විචාරක පැසසුම්ද සමගින් එම වසරේ මේ චිත්‍රපටය සාර්ථකව තිරගත වුනා. නැවත වතාවක් සීමිත දින ගණනකට මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවී තිබෙනවා. ඒ PVR සිනමා ප්‍රත්‍යවලෝකන සිනමා දැක්මෙන්. සැප්තැම්බර් 17 වැනිදා දක්වා සවස 5.15ට කොළඹ One Galleface සාප්පු සංකීර්ණයේ පිහිටි PVR සුඛෝපභෝගී සිනමාහලේදී මේ චිත්‍රපටය තිරගත කෙරෙනවා.

“මේ ප්‍රත්‍යවලෝකන සිනමා උළෙල අගෝස්තු 21 වැනිදායි අපි ආරම්භ කලේ. තිරගත වීම් අවසන් කළ, වැඩි ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත් චිත්‍රපට කිහිපයක් නැවත තිරගත කිරීමටයි අපි සැළසුම් කලේ, ඒ යටතේ මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ දැකල පුරුදු කෙනෙක්චිත්‍රපටය සැප්තැම්බර් 10 වැනිදා දක්වා කාල සටහනට ඇතුළත් වුනා. නමුත් ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා ඒ දිනය තවත් දීර්ඝ කිරීමට අපි තීරණය කළා. දැන් සැප්තැම්බර් 17 වැනිදා දක්වා මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව තිබෙනවා. ඒ වගේම සුඛෝපභෝගී සිනමාහලක 300/=ක් වැනි සහනදායී මිළකට මේ සිනමාපටය තිරගත කිරීමත් විශේෂත්වයක්” යැයි PVR කළමනාකාරීත්වය ප්‍රකාශ කරනවා.

බිමල් ජයකොඩි සහ සමාධි ලක්සිරි ප්‍රධාන චරිත මවන “:දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටයට කෞශල්‍යා ප්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>