
ජනප්‍රිය ඉන්දීය නිළි Thamannah Bhatia හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇය අසනීප තත්වය හේතුවෙන් පරීක්ෂණ වලට ලක්කිරීමෙන් පසු COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට සොයාගෙන තිබෙනවා.
ඇය හයිද්‍රාබාද් නගරයේදී රූගත කෙරෙන නව Web Series එකක වැඩකටයුතු කරමින් සිටින අතරතුර කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් ඒ හේතුවෙන් ඇය රෝහල්ගත කොට පරීක්ෂාවන් සිදුකළ බවත් මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා. හයිද්‍රාබාද් නගරයේ පෞද්ගලික රෝහලකදී ඇයට ප්‍රතිකාර කටයුතු සිදුකෙරෙන බවත් සඳහන්. පසුගිය අගෝස්තු මාසයේදී ඇගේ දෙමව්පියන් කොරෝනා ආසාදිතයින් බවට සොයා ගැනුණු අතර ඒ අවස්ථාවේ ඇය ස්වයන් නිරෝධායනයට ලක් කෙරුනා. නමුත් නිරෝධායන කාලයෙන් පසුව ඇය කොවෝඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු කරගැනීමෙන් පසු ඇගේ සාමාන්‍ය දෛනික වැඩකටයුතු අරඹා තිබුනා.
1989 වසරේ ඉන්දියාවේ උපත ලැබූ Thamannah වයස අවුරුදු 15දී පමණ Chand Sa Roshan Chehra චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියා. මේ වනවිට තෙලිඟු, දමිළ සහ හින්දි සිනමාවේ ජනප්‍රිය තාරකාවක් වන ඇය විවිධ නිෂ්පාදන සන්නාම ප්‍රවර්ධනය සඳහා දායක වන ජනප්‍රිය නිරූපණ ශිල්පිනියකද වනවා.