2014 වසරේ ආදරවන්තයින්ගේ දිනයේදී ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සැරසෙන මෙම සිනමා සිතුවම ආදරවන්තයින් වෙනුවෙන්ම නිර්මාණය වු චිත්‍රපටයක්.තරුණ්‍යය සතු චමත්කාරජනක ආදරය තවත් අපුරුව අයුරකින් නිර්මාණය වී ඇති මෙම සිතුවමේ ද ආදරය කරන්න මුණ ගස්වන්නේ හරි අපුරු දෙදෙනෙක්.ඇය පොත පතේම සිර වී සිටින පොතට තදීන්ම ලොල් වු යුවතියක්..ඔහු ඇයට වඩා හාත්පසම වෙනස් මඟක ගමන් කරන විනෝදයට අනුන්ගේ මොටර් රථ සොරා ගෙන පදවන දඩබ්බර තරුණයෙක්.අහම්බයකින් හමුවන මේ දෙදෙනාගේ ආදර කතාව,හැලහැප්පීම්,සාම්ප්‍රදායික දෙමාපිය විරෝධය,පන්ති භේද වැනි නොයෙකුත් ප්‍රශ්න මැදින් ගලා යන්නේ හරිම පුදුම විදියටයි.
1981 වසරේ මෙම නමින් නිර්මාණය චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වශයෙන් තැණු මෙම සිනමා පටය තවත් සුළු කාලයක් බලා සිටිනුයේ තවත් වරක් ඔබව ආදරයෙන් මුසපත් කරන්නටමයි
The post Endless Love (2014) – Coming Up appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.