හයවන වරටත් පැවැත්වෙන යුරෝපීය සිනමා උළෙල අද දින(28) පටන් කොළඹ දී ආරම්භ වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සුදානම් කර අවසන්.බෙල්ජියම, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, පෝලන්තය, ස්විස්ට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 17 චිත්‍රපට ප්‍රදර්ශණය කෙරෙන මේ උළෙල දෙසැම්බර් 06 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ
මෙවර යුරෝපීය සිනමා උළෙලේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ පසුගිය 2012 වසරේ කාන් චිත්‍රපට උළෙලේ දී ජූරි සම්මානය දිනාගත් කේන් ලෝචිග The Angel’s Share චිත්‍රපටය යි. පළමු දිනය ආරාධිතයන් සඳහා වෙන්කර ඇති අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රතිභාපූර්ණ නිළි අයිරාංගනී සේරසිංහ කලා ශිල්පිනිය සහභාගී වේ.2009 වසරේදී වැනිස් සිනමා උළෙලේ ගෝල්ඩන් ලයන් සම්මානය සඳහා නිර්දේශිත පළමු ලාංකේය චිත්‍රපටය වන විමුක්ති ජයසුන්දර ගේ ‘අහසින් වැටෙයි’ චිත්‍රපටයෙන් උළෙල අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.
නොවැම්බර් 28 පස්වරු 6.30 ට (ආරාධිතයන් වෙනුවෙන්
The Angel’s Share
එක්සත් රාජධානිය
නොවැම්බර් 29 පස්වරු 3.30 ට
Cool Kidsdon’tCry
නෙදර්ලන්තය
නොවැම්බර් 29 පස්වරු 6.30 ට
Colour of the Ocean
(වැඩිහිටියන්ට පමණයි)
ජර්මනිය
නොවැම්බර් 30 පස්වරු 3.30 ට
In aBetter World
(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
ඩෙන්මාර්කය
නොවැම්බර් 30 පස්වරු 6.30 ට
The Giants
(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
බෙල්ජියම
දෙසැම්බර් 01 පස්වරු 3.30 ට
Tomorrow will be better
(වැඩිහිටියන්ට පමණයි)
පෝලන්තය
දෙසැම්බර් 01 පස්වරු 6.30 ට
The House by the Medlar Tree
(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
ඉතාලිය
දෙසැම්බර් 02 පස්වරු 3.30 ට
Great Expectations
එක්සත් රාජධානිය
දෙසැම්බර් 02 පස්වරු 6.30 ට
The Beloved
(වැඩිහිටියන්ට පමණයි)
ප්‍රංශය
දෙසැම්බර් 03 පස්වරු 3.30 ට
Clara and the secret of the bears
ස්විස්ට්සර්ලන්තය
දෙසැම්බර් 03 පස්වරු 6.30 ට
Uncle Hank
(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
නෙදර්ලන්තය
දෙසැම්බර් 04 පස්වරු 3.30 ට
Tales of the Night
ප්‍රංශය
දෙසැම්බර් 04 පස්වරු 6.30 ට
The Beauty and the Bastard
(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
ෆින්ලන්තය
දෙසැම්බර් 05 පස්වරු 3.30 ට
Hotel Swooni
බෙල්ජියම
දෙසැම්බර් 05 පස්වරු 6.30 ට
More than Honey
ස්විස්ට්සර්ලන්තය
දෙසැම්බර් 06 පස්වරු 3.30 ට
Oh Boy
(වැඩිහිටියන්ට පමණයි)
ජර්මනිය
දෙසැම්බර් 06 පස්වරු 6.30 ට
Between Two Worlds
(අහසින් වැටෙයි)
(වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)
ශ්‍රී ලංකාව
The post යුරෝපීය සිනමා උළෙල අද සිට appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.