Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

VIDEO: පූජාගෙන් ආර්යාට විවාහ යෝජනාවක්..!

$
0
0

පසුගිය දිනෙක Star Vijey නාලිකාවේ විකාශය වූ Koffe with DD වැඩසටහනේ නිවේදිකාව පූජාගෙන් අමුතු ප්‍රශ්ණයක් අසා තිබුනා. පූජාගේ අතට රතු, කහ සහ සුදු පාට රෝස මල් 3ක් දුන් ඇය, ඇසුවේ “ කහ පාට රෝස මල මිත්‍රත්වයත්, රතු රෝස මල ආදරයත්, සුදු රෝස මල විවාහයත් සංකේතවත් කරනවා නම් පූජා ඒ මල් දෙන්නට කැමති කාටදැ යි යන්නයි.

එවිට කහ රෝස මල භරත්ටත්, රතු රෝස මල විශාල්ටත් දෙන බව කියන ඇය සුදු රෝස මල දෙන්නේ ආර්යාට යි. කොලිවුඩයේ කඩවසම්ම නළුවා ලෙසින් සැලකෙන ආර්යා, දැනට පූජා සමඟ චිත්‍රපට 4කට රංඟනයෙන් දායක වී ඇත. පූජා මුල් වරට රංඟනයෙන් දායක වූ Ullam Ketkumae චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රංඟනයෙන් දායක වූයේ ආර්යා ය. එම චිත්‍රපටය ආර්යාගේද ප්‍රථම චිත්‍රපටය යි. ඇය පවසන ආකාරයට ආර්යා සහ ඇය පිළිබඳව මෙලෙස කටකතා පැතිර ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවේ. එලෙසම ඒ සියළුම කටකතා අසත්‍ය බවයි ඇය පවසන්නේ.

ඒ වගේම ඇය නුදුරේදී ම තවත් සිංහල චිත්‍රපටයක් සඳහා දායක වන බවත් ඇය Cinema.lk අප වෙත පවසා සිටියා. ඒ චිත්‍රපටයේ රූපගත කිරීම් නුදුරේදීම ආරම්භ වීමට නියමිත යි.

Koffee with DD සම්පූර්ණ වැඩසටහන

ආර්යාට රෝස මල දෙන බව කී වීඩියෝව

Share

The post VIDEO: පූජාගෙන් ආර්යාට විවාහ යෝජනාවක්..! appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>