සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක් බිහිකළ දැවැන්ත නිෂ්පාදකවරයෙක් වු සුනිල් ටී ප්‍රනාන්දු හා අතිදක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වු වී.සිවදාසන්ගේ සුසංයෝගයෙන් බිහිවු නවතම සිනමා සිත්තමයි…දෝණී..කුඩා ගැහැණු ළමයෙකු හා ඒ කුඩා දරුවා හදා වඩා ගන්නා එක් පවුලක් වටා දිවයන මේ සිනමා සිතුවම කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණ වු චිත්‍රපටයකට වඩා පවුලේ කතාන්දරයක් ඇතුලත් පවුල තේමා කරගත් චිත්‍රපටයක් ලෙසටයි මෙහි නිර්මාණකරුවන් මේ චිත්‍රපටය හදුන්වනු ලබන්නේ.සිංහල සිනමා වංශකතාවේ කමල්,සංගීතා යුගය නැවතත් සිනමා සිතුවමක ප්‍රතිනිර්මාණය කරමින් මේ චිත්‍රපටය සඳහා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය තරු යුවළක් වු කමල් අද්දරආරච්චි සහ සංගීතා වීරරත්න මෙහි ප්‍රධාන චරිත මවනවා.ඒ හැරුණු විට සනත් ගුණතිලතක,රංඟන ප්‍රේමරත්න ඇතුළු කුඩා දරුවන් විශාල ප්‍රමාණයකගේ දායකත්වය මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබී තියෙනවා.
සජීත් නිශාන්ත කැමරාකරණයෙන් ද,සුමිත් හිරාන් කලා අධ්‍යක්ෂණයෙන් ද,කීර්ති රුවන් ලාල්සන් සහය අධ්‍යක්ෂණයෙන් ද සෝමපාල රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන්ද දෝණී සඳහා දායකත්වය ලබා දී තියෙනවා.මේ චිත්‍රපටය සඳහා නන්දා මාලිනී,බාචී සුසාන්,සුරාජී ශ්‍යාමලී සහ රවිඳු ලක්ෂාන් ගීත ගායනා කොට තිබෙනවා.මේ වන විට මේ චිත්‍රපටය ඊ.ඒ,පි මණ්ඩලයට අයත් සිනමාශාලා වල තිරගත වෙනු ඇතී.
[/tab] [/tabgroup]
The post Dhoni – දෝණී appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.