
මෙතෙක් තබා තිබූ සියළුම බොලිවුඩ් ආදායම් වාර්ථා බිඳ හෙළමින් බොලිවුඩයේ අංක එකේ ආදයම් හිමිකර ගත් චිත්‍රපටය බවට පත් වීමට Dhoom චිත්‍රපට මාලාවේ Dhoom 3 චිත්‍රපටය සමත් වී තිබෙනවා. ඒ අනුව මෙතෙක් බොලිවුඩයේ ඉන්දියානු රුපියල් බිලියන 5 (කෝටි 500) සීමාව පසු කිරීමට සමත් වූ එකම චිත්‍රපටය බවට පත් වන්නේ Dhoom 3 චිත්‍රපටය යි. මේ මුදල ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් බිලියන 11 (කෝටි 1092) කට ආසන්න මුදලක්. මේ චිත්‍රපටය එම වාර්ථාව හිමිකරගත්තේ දින 20ක් වැනි සුළු කාලයක් තුලදී වීම විශේෂත්වය ක්.
ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි 351.9 ක ආදායමක් ඉන්දියාව තුලදීත් ඉනිදීය රුපියල් කෝටි 150.06ක මුදලක් ලොව පුරා තිරගත කිරීම හරහාත් උපයා ගැනීමට Dhoom 3 චිත්‍රපටය සමත්ව ඇත.
ඒ වගේම ලොව මෙතෙක් වැඩිම ආදායකම් උපයා ඇති චිත්‍රපටය වන Avatar චිත්‍රපටය ඉපැයූ ආදායම වන ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ($ මිලියන 2700) ත් සමඟ සැසඳු කළ Dhoom 3 චිත්‍රපටය ඉපැයූ ඇමරිකානු ඩොලර් මිලියන 83.56ක මුදල සැලකිය යුතු මුදලක්.
අමීර් ඛාන්, කත්‍රිණා කායිෆ්, අභිෂේක් භච්චන් හා උදය චොප්රා රංඟනයෙන් දායක වන Dhoom 3 චිත්‍රපටය චිජය ක්‍රිෂ්ණ ආචාරියාගේ අධ්‍යක්ෂණයක්.
Dhoom 3 චිත්‍රපටය පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න
The post Dhoom 3 මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ බොලිවුඩ් චිත්‍රපටය බවට පත්වේ appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.