
දිගු කාලයක් කැමරා අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් අනර්ඝ මෙහෙයක් සිංහල සිනමාවට ඉටු කළ දක්ෂ කැමරා අධ්‍යක්ෂකවරයෙක් ජයනාත් ගුණවර්ධනයන්ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි..පරාවර්තන
70 දශකයේ රජයේ නොමිලේ ඉඩම් ලබාදුන් කාල වකවානුවේ එම ඉඩම් වල අලුතින් පදිංචියට ආ මිනිසුන්ගේ ජීවිතය ඇසුරෙනුයි මේ චිත්‍රපටය ගොඩනැගි ඇත්තේ.මේ අකාරයෙන් තමන්ගේ පරණ ජීවිතයට සමු දී නව ජීවිතයක් ඇරඹීමට මේ ජනපදයට පැමිණි මිනිසෙකි රත්නේ.රත්නේ මාමා යැයි හැමකෙක් තුළ ප්‍රසාදය දිනා සිටින ඔහු මේ ගම්මානයේ ගත කරන්නේ දැහැමි ජීවිතයක්.ඔහුගේ නිවසේ යාබදව ජීවත්වන නිවසේ සිටින්නේ සිරිපාල හා ජයසේන නම් තරුණයින් දෙදෙනෙකුත් ඔහුගේ මවත් පමණි.මේ පවුල හා රත්නේ මාමා ඇත්තේ පුදුමාකාර බැදීමක්.මේ පවුලේ බාලයා වු සිරිපාල ගතකරන්නේ ඉතා සෙල්ලක්කාරි දිවියකි.ගමේ මැරයෙකු වු චන්දරේ නම් පුදගලයගේ අඹුව සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගන්නා ඔහු නිතර නිතර ඇයගේ නිවසට යමින් එමින් සල්ලාල දිවියක් ගෙවයි.මේ පවුගේ වැඩිමලා වු ජයසේන සිරිපාලට වඩා හාත්පස වෙනස් චරිතයකි.ඔහු රත්නේ මාමා හා එක්ව ගොවිතැන් කටයුතු කරමින් දැහැමි දිවියක් ගෙවයි.දිනක් සිරිපාල හා ඔහුගේ මව ගෙදරින් පිටවගොස් ඇති වෙලාවක කිසියම් කෙනෙකුවිත් ජයසේනව ඝාතනය කර දමයි.ගමේ තුවක්කුවක් තිබුණු පුද්ගලයන් අතරට රත්නේ මාමා සිටි නිසාත් ඔහු ඒ වෙලාවේ ජයසේන සමඟ වුන් නිසාත් මේ මිනීමැරුමට රත්නේ අසුවේ…
වැරැද්දක් නොකරත් මෙ වු දෙය ගැන රත්නේ මොහොතකට වත් පසුනොතැවේ.ඔහු ඔහුගේ අඳුරු යටගියාව නිසා මේ තමන්ට උරුම වු කරුමයක් ලෙස සලකනු ලැබේ.ඒත්…රත්නේ සඟවන ඒ අඳුරු යටගියාව කුමක්ද?රත්නේ මේ වරද නොකලේ නම් අහිංසක ජයසේන මැරුවේ කවුද?මේ හැමදෙයකටම උත්තර පරාවර්තන සපයනු ඇති.
The post PARAWARTHANA – පරාවර්තන appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.