Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

දෘශ්‍යප්‍රයෝග කලාවේ විශ්මය,ග්‍රැවිටි සිනමාපටයේ නොඇසු කතා [VIDEO]

$
0
0

දෘශ්‍යප්‍රයෝගයන් සඳහා බෆ්ටා සම්මානයෙන් පවා පිදුම් ලැබු ආකර්ෂණීය සිනමාසිතුවමක් වු ග්‍රැවිටි සිනමාපටයේ දෘශ්‍යප්‍රයෝගයන් හා සිනමාපටය නිර්මාණයේදී නිර්මාණකරුවන් මුහුණදුන් ගැටලු හා ඔවුන් ඒවාට මුහුණදුන් ආකාරය හරිම සිත්ගන්නා සුළුයි.මේ සිනමාපටය ආරම්භකිරීමට ප්‍රථම ඒ ගැන තොරතුරු අධ්‍යනයන් මොවුන් සිදුකරලා තියෙන්නේ ඔබත් මාත් ඒ කාර්යය සිදුකරන අනුපිළිවෙලටයි.මේ සිනමා පටයේ දෘශ්‍යප්‍රයෝග ආයතනය වන ෆ්රේම්ස්ටෝර් ආයතනය පවසන විදියට මොවුන් මුලින්  අභ්‍යාවකාෂ තොරතුරු තියෙන යු ටියුබ් වීඩියෝ සැහෙන්න ප්‍රමාණයක් නරඹලා.

සීරෝ ග්‍රැවිටි තත්වයකදී ගින්න ඇතිවෙන අයුරු,පිපිරීමක් සිදුවෙන අයුරු අධ්‍යනය කරන්න ඔවුන්ට සැහෙන්න පරිශ්‍රමයක් දරන්න සිදුවෙලා.ගිනිකූරක් දැල්වෙන අයුරු දැක්වෙන එක් විඩීයෝවක් අන්තර්ජාලයේ තිබුණත් විශාල පිපිරිමක්,විශාල ගින්නක් කෙසේ ඇතිවිය හැකිද යන වග තිරණය කිරිමට මොවුන්ට සැහෙන්න පරික්ෂණ සිදුකරන්න සිදුවෙලා තියෙනවා.

අනිත් එක අභ්‍යාවකාශ නැවතුම් පොල එහෙම නැත්නම් ISS එක හා හබල් දුරේක්ෂය වැනි දේ නිර්මාණයේ දී නාසා ආයතනයේ පිහිට පතන්න පවා ඔවුන්ට සිදුවෙලා තියෙනවා.අභ්‍යවකාශයේ මේ වන විට තියෙන මේ පාවෙන මෙවලම් සැබවින්ම බහුතරයක් දෙනා හඳුනන නිසා ඒ සැබැ අනුරුවම ප්‍රතිනිර්මාණය කරන්න ඔවුන්ට සිදුවුනා.ඒ සඳහා ඔවුන් ISS එකේ සැබැ පින්තූර හා මාස 6ක් පමණ පරණ විඩීයෝ සැහෙන ප්‍රමාණයක් පාවිච්චී කරලා තියෙනවා.අවසානයේ ඔවුන් මේ නිවැරදි තොරතුරු ඇසුරෙන් ISS එක ඒ අයුරින්ම ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.

අනිත් ආකර්ෂණීයම දේ තමයි සැන්ඩ්‍රාගේ හා ජෝරජ් ගේ අභ්‍යාවකාශ ඇඳුම් කට්ටලය.මේ ඇඳුම්කට්ටල දෙක නිර්මාණය කරලා තියෙන්නේ ඩිජිටල් මාධ්‍යයෙන්.සැබැ ඇදුමක් මේ සඳහා භාවිතා කරනු වෙනුවට ඇතැම් දර්ශන සඳහා ඇනීමේටඩ් ඇඳුම් කට්ටලයක් ඔවුන් නිර්මාණය කරලා තියෙනවා.රුසියානු ගඟනගාමින් අඳින ලද පැරණි ගඟන ඇඳුමක් අනුසාරයෙන් තමයි මොවුන් මේ ඇනිමේටඩ් ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ.සියලු චලනයන් මේ ඇඳුම ඇසුරු කරන් සාදන ලද ඩමියට ඇතුලත් කිරිමෙන් අනතුරුව සැන්ඩ්‍රාගේ මුහුණේ ලයිව් ඇක්ෂන් දර්ශන ඊට කවා තියෙනවා.මේ විදියට ඇනිමේටඩ් අනුරුවක් ඇතුලත් දර්ශන කොතරම් දුරට සිනමාපටයේ භාවිතා කර ඇත්තද යන වග ඔවුන් මේ දක්වා නිශ්චිතවම ප්‍රකාශයට පත්කරලා නැ.

Making-of-Gravity-by-Framestore-5 Making-of-Gravity-by-Framestore-6 Making-of-Gravity-by-Framestore-7 Making-of-Gravity-by-Framestore-8 Making-of-Gravity-by-Framestore-9 Making-of-Gravity-by-Framestore-10 Making-of-Gravity-by-Framestore-11 Making-of-Gravity-by-Framestore-12 Making-of-Gravity-by-Framestore-1 Making-of-Gravity-by-Framestore-2 Making-of-Gravity-by-Framestore-3 Making-of-Gravity-by-Framestore-4



Share

The post දෘශ්‍යප්‍රයෝග කලාවේ විශ්මය,ග්‍රැවිටි සිනමාපටයේ නොඇසු කතා [VIDEO] appeared first on Cinema.lk - Sri Lanka Cinema Database.


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>