
බොලිවුඩයේ රූප රාජිණිය වු ඓශ්වර්යා රායි සම්බන්ධයෙන් පුදුමාකාර පුවතක් මේ දිනවල අසන්න ලැබෙනවා.පුදුමේ කියන්නේ මේ ආරංචියට මැදිවෙලා ඉන්නේ ඓශ්වර්යා සමඟ ලංකාවේ පුද්ගලයෙකුයි.මේ පුද්ගලයා අයිෂ්වර්යා රායි සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබූ බවටත්, ඇය ඉන්දියා නළු හා චිත්‍රපට නිෂ්පාදක අභිෂේක් බච්චන් හා විවාහ වීම නිසා තමාට නීති මාර්ගයෙන් සහනයක් ලබා දෙන බව කියූ තම බෑනා රුපියල් 17 ලක්ෂයක් වංචා කළැයි තායිවානයේ වාසය කරන මේ ශ්‍රී ලාංකිකයා කොළඹ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා.
ඉන්දීය වෙබ් අඩවියක් වු එමිරේට්ස් 24/7 වෙබ් අඩවිය පවසන අන්දමට ලොවම වශීකළ බොලිවුඩ් සුරූපී නිළි ඓශ්චර්යා රායි සමග තමා පෙමින් වෙලී සිටි බවත් අභිෂේක් බච්චන් සමග ඇය විවාහ වූ නිසා තමාට මානසික පීඩනයක් ඇතිවූ බවත් නිරෝෂණ දේවප්‍රිය නැමති ලාංකිකයෙකු කියා ඇත.මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ උපකාර බලාපොරොත්තුවෙන් තම හිතවතෙකුට දුන් රුපියල් ලක්ෂ 17 ක මුදල් ඔහු වංචාකළ බවට මෙම පුද්ගලයා පැමිණිල්ලක්ද කර තිබේ. මෙම පුවතේ ඇත්ත නැත්ත කෙසේවෙතත් 2002 වසර වන තෙක්ම ඓශ්චර්යා සල්මාන් ඛාන් සමග ප්‍රේම සබඳතාවයක පැටලී සිටි බව ප්‍රසිද්ධ රහසකි. ඉන් අනතුරුව, ඓශ්චර්යා ප්‍රේම කර තිබුණේ විවේක් ඔබ් රෝයි නැමති හින්දි නළුවාටයි. එසේම, ඩූම් 02 චිත්‍රපටයේ රිතික් රොෂාන් සමග ඓශ්චර්යා ඉදිරිපත් කළ හාදුව පිළිබඳවද ලොව පුරා කතා බහක් ඇතිවිය.
ඓශ්චර්යා සම්බන්ධයෙන් බොලිවුඩයේ පැතිරී ගිය තවත් අමුතුම කටකතාවක් වූයේ ඇයි අබිෂේක් බච්චන් සමග ප්‍රේම කිරීමට පෙර අමිතාබ් බච්චන් සමගද ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන සිටි බවයි. කෙසේවෙතත්, පසුව ඇය තමාට වඩා අවුරුදු ගණනාවක්ම ලාබාල අබිෂේක් සමග විවාහ දිවියට එළඹුණි.