Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

සනත්ගේ චිත්‍රපටයේ කතාව ඇත්තම කතාවක් ද?

$
0
0

සනත් ගුණතිලක කියන්නේ එක් යුගයක මෙරට සිනමාව සිය අණසකට නතුකර ගත් සම්මානනීය රංගනවේදීයෙක්.සිටු කුමරියෝ සිනමාපටයෙන් හෙළ සිනමාවට අවතීර්ණ වූ සනත් ගුණතිලක පසුව නැවත හමු වෙමු, ගඟ අද්දර, දිනුම, සටන, රස රහසක්, විරාගය, පාලම යට වැනි සිනමා කෘති රැසකික් තම ප්‍රතිභාව විදහා දක්වමින් මෙරට සිනමා වංශකතාවේ නොමැකෙන සලකුණක් තබා තිබේ.

රංඟනයෙන් පසු අධ්‍යක්ෂණයට යොමු වු සනත් රංඟනයට පමණක් නොව තමන් නිර්මාණකරණයටද දක්ෂයෙකු යන වග පසක් කර දී අවසන්.ඔහු අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමා නිර්මාණය සිනහව අතරින් හි පූර්ව මාධ්‍ය දර්ශනය අතිශය උණුසුම් අයුරින් පසුගියදා කොළඹ සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්විණ.සේමිණී ඉද්දමල්ගොඩ,සනත් ගුණතිලක,ක්‍රිස් හැරිස් ප්‍රධාන භුමිකා මවන මෙම සිනමාපටයේ මාධ්‍ය දර්ශනය දා වඩාත් උණුසුම් ප්‍රතිචාර ලැබුණේ සේමීණිටය.මෙම සිනමාපටයෙහි සේමිණි ඉද්දමල්ගොඩගේ රංගනය අතිශය විශිෂ්ට බව බොහෝ දෙනාගේ මතය විය. එමෙන්ම ඇගේ රංගන ප්‍රතිභාවෙහි වෙනම පැතිකඩක් සිනහව අතරින් සමඟ පිළිබිඹු වූ බව ඇයට වැඩි පිරිසක් පවසා තිබේ.එපමණක් නොව මෙ දිනයේ තවත් එක් විශේෂ සිදුවීමක් කැපි පෙනෙන්නට විය.මේ සිනමාපටය සම්බන්ධයෙන් එය නිෂ්පාදනය වීමටත් මත්තෙන් එක් කාරණාවක් සමාජ ගත වී තිබිණි.ඒ…සනත් ගේ මේ සිනමාපටය ඇත්තවශයෙන් පුද්ගලික කතාන්දරයක් ද යන්නයි.පෙනුමෙන් තුන්කොන් ආදර අන්දරයක් පෙනෙන්නට තියෙන මෙම සිනමා සිතුවම කාගේ(ප්‍රසිද්ධ කෙනෙකුගේ)හෝ ජීවිත කතාවක් නොවන වග සනත් එක හෙලා කීවත් මාධ්‍ය දර්ශනය දා දකින්න ලැබුණු සමහරක් දේ නිසා සනත් කීවේ බොරුවක් ද කියා ඕනෑම කෙනෙකුට සිතෙනු ඇත.මෙහි මාධ්‍ය දර්ශනය දා වෛද්‍ය ප්‍රතිභා මහානාමහේවා මැතිණියත් සනත්ගේ පාර්ශවයෙන් හා වෙනත් පාර්ශවයන්ගෙන් නීතිඥයන් කිහිප දෙනෙකුත් පැමිණ මෙම සිනමාපටය ඕනැ කමින් නරඹමින් සිටියා

ඇත්තටම මේ කාරණාව සම්බන්ධයෙන් සනත් ගුණතිලක පැහැදිලි අදහසක් මාධ්‍ය වෙත දක්වා සිටියේ නැ.නමුත් අපි හිතනවා ඉදිරියේ දී අපිට ඔහු මෙහි ඇත්ත නැත්ත ගැන අදහස් දක්වාවී කියා

IMG_0950 IMG_0952 IMG_0957 IMG_0961 IMG_0966 IMG_0970 IMG_0971 IMG_0973 IMG_0976 IMG_0978 IMG_0982 IMG_0983 IMG_0985 IMG_0986 IMG_0990 IMG_0994 IMG_1003 IMG_1008 IMG_1010 IMG_1011 IMG_1015 IMG_1019 IMG_1023 IMG_1029 IMG_1032 IMG_1034 IMG_1040 IMG_1042 IMG_1043 IMG_1045 IMG_1046 IMG_1048 IMG_1049 IMG_1051 IMG_1053 IMG_1054 IMG_1056 IMG_1057 IMG_1058 IMG_1062 IMG_1063 IMG_1068 IMG_1072 IMG_1073 IMG_0864 IMG_0866 IMG_0867 IMG_0874 IMG_0880 IMG_0884 IMG_0890 IMG_0892 IMG_0894 IMG_0895 IMG_0901 IMG_0903 IMG_0949 IMG_0945 IMG_0943 IMG_0939 IMG_0929 IMG_0926 IMG_0924 IMG_0920 IMG_0918 IMG_0907

 

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>