Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

කාන්ස් සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකිකයෙකුට ඇගයීමක්

$
0
0

ශ්‍රී ලාංකේය නවකතාකරුවෙකු මෙන්ම හිටපු ළමා සොල්දාදුවෙකු වුණු සොර්බා ශක්ති  මෙවර කාන්ස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී රංගනය වෙනුවෙන් Palme d’Or සම්මානය දිනාගෙන ති‍බේ.

ප්‍රංශ සිනමාකරුවෙකු වන ෂාක් අවුඩියාද් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘දීපන්’නමැති චිත්‍රපටයේ හොඳම රංගනය වෙනුවෙන් මොහු සම්මානයට පාත්‍රවී ඇත.

ශ්‍රී ලංකාවෙන් ප්‍රංශයට පලා එන සංක්‍රමණිකයින් තිදෙනෙකු එර‍ට දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා පවුලක් ලෙස එක්වීම හා ප්‍රංශ ජන සමාජය තුළ මුහුණදීමට සිදුවන ගැටළු පිළිබඳ මෙම චිත්‍රපටයේ අන්තර්ගතය.

ළමා සොල්දාදුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කලක් කටයුතු කර ඇති සොර්බා ශක්ති සැබවින්ම ප්‍රංශයට පලාගිය සංක්‍රමණිකයෙකි.

ඒ නිසාම මෙම චිත්‍රපටයට ඔහුගේ සැබෑ අත්දැකීම් ගණනාවක්ද එකතුකිරීමට අධ්‍යක්ෂවරයා විසින් පියවර ගෙන ඇති බවත්,ස්ත්‍රී චරිතයකට පණ පොවන තමිල්නාඩුවේ කාලීශ්වරී එරට රංග කලාව පිළිබඳ හැදෑරීම් ඇත්තියක බවත් සඳහන්ය.

අද දෙරණ

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>