
එකිනෙකට බද්ධ වන කතන්දර තුනක් සහිත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ නව පරපුරේ විශිෂ්ටතම සිනමාකරුවන් තිදෙනකු වන ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දරයි.
කලකට ඉහතදී ටයිටස් තොටවත්තයන් කතා තුනක් ඇතුළත් කොට තෙවන නමින් කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අධ්‍යක්ෂණය කරන ලදී.
ප්‍රසන්න විතානගේ ගේ ඉර මැදියම සිනමා පටයට පාදක වූයේ ද එකිනෙකට සමාන්තරව ගලා ගිය කතා ත්‍රිත්වයකි.
එහෙත් මෙහිදී එකම චිත්‍රපටයක් තිදෙනකුගේ දෘෂ්ටි කෝණයෙන් රූපයට නැගෙනු ඇත.
එය ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිසෙස් සලකුණකි. මෙම චිත්‍රපටයේ පළමු කොටස යාපනයේදීත්, දෙවැනි කොටස කොළඹදීත් තෙවැනි කොටස හම්බන්තොටදීත් රූ ගතවනු ඇත.