Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2374

ශමීරගේ දඟකාර හීනය –මෝටර් බයිසිකල්

$
0
0

ශමීර රංඟන කියන්නේ සිනමාවට මහත් සේ ඇලුම් කරන දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්..ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය තව නොබෝ දිනකින් දිවයින පුරා සැරිසරනු ඇති.දෙස් විදෙස් සම්මාන කිහිපයකම සම්මාන හිමිකාරයා වු ශමීර ගේ “මෝටර් බයිසිකල්“ දසුන් පතිරණ හා සමනලීගේ ප්‍රධාන භුමීකාවෙන් හැඩ වේ.

මෝටර් බයිසිකල් හි කතාව මෙලෙස දිග හැරේ..

රංගනට වයස අවුරුදු 26 කි. ඔහුගේ එකම බලාපොරොත්තුව ගායකයකු වීමයි. දෙවැන්න මෝටර් සයිකලයක් මිළයට ගැනීමයි. ඔහු ජීවත් වනුයේ අම්මා සමඟය. අම්මා සුළු වෙළඳාමකින් ජීවත් වෙයි. රංගන ජීවත් වනුයේ සමාජ ශාලාවක ගිටාර් වාදනය කරමිනි. අම්මා උපයන සුළු මුදල ඔවුනගේ ජීවිකාව යන්තම් ගැට ගසා ගන්නට ප්‍රමාණවත්ය. අලුත් මෝටර් බයිසිකලයක නැඟී සිය පෙම්වතිය සමඟ ගමන් බිමන් යාම ඔහුගේ එකම සිහිනයයි.

ඔහුගේ සංගීත කණ්ඩායම අසල්වැසියන්ට මහත් කරදරයකි. එහි පුහුණුව සිදු වනුයේ බාධා මධ්‍යයේය.

මෝටර් බයිසිකලයක් පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට රංගන සිය මවගේ රන්මාලය උකස් කිරිමට ඇයට පෙරැත්ත කරයි. අම්මා අකමැත්තෙන් වුවද ඒ සඳහා කැමැත්ත පළ කරන්නේ සිය පුතාගේ සිතැඟි ඉටුකර ගැනීම සඳහාය. මෝටර් බයිසිකලය නගරයේ ව්‍යාජ ලෙස මෝටර් සයිකල් අලෙවි කරන ස්ථානයකින් ගත් එකක් වීම ඔහුගේ ජීවිතය වඩාත් අවුලකට පත් කිරීමට හේතු වනු ඇතැයි ඔහු අපේක්ෂා නොකළේය.

ඔහු සිය පෙම්වතිය සමඟ මෙම සයිකලයේ නැඟී සැරි සරන්නට පටන් ගනී. ෙබ්‍රික් නැති යෞවනයේ ජීවිතයේ නවාතැන සොයාගෙන යනු ඇත්තේ කෙලෙසද, මෝටර් බයිසිකල් එයට පිළිතුරු දෙයි.

 

රංගන – දසුන් පතිරණ

ටානියා – සමනලී ෆොන්සේකා

මව – වීණා ජයකොඩි

මංජු – මහේන්ද්‍ර පෙරේරා

ත්‍රිරෝද රථ රියදුරා – කුමාර තිරිමාදුර

ජිම්මා – කලණ ගුණෆස්කර

භට්ටාගේ මව – නෙතලි නානායක්කාර

නිෂ්පාදනය – සුරංග ජයසූරිය

රචනය හා අධ්‍යක්ෂණය – ශමීර රංගන නාඔටුන්න

කැමරාකරණය – විශ්වජිත් කරුණාරත්න

සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර

කලා අධ්‍යක්ෂණය – රංගන සේනානායක

සංගීත අධක්ෂණය – අජිත් කුමාරසිරි

ශබ්ද පරිපාලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි

වේෂ නිරූපණය – ප්‍රියන්ත එස්. වන්නිනායක

සහය අධ්‍යක්ෂණය – දමින්ද ඩී. මඩවල

නිෂ්පාදන කළමනාකරණය – දිපාල් ගුණරත්න

Share


Viewing all articles
Browse latest Browse all 2374

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>