
කවදත් නවමු අත්දැකීම් ඔබට පිරිනමන ටීවී දෙරණ සිනමා සම්මාන උළෙල මෙවරත් පැවැත්වීමට සියල්ල සූදානම්. සිංහල සිනමාවට කවදත් සවිය දුන්නු තැනක් තමයි ටීවී දෙරණ කියන්නේ. ඉතිං මේ සිනමාව ඉහළට ඔසවා තබන්නත් සිනමාව වෙනුවෙන් කැපවෙන අය දිරිමත් කරන්නත් දෙරණ අවස්ථා ගණනාවකදිම ඉදිරිපත්වුණා. ඔවුන්ව බබලවන්නට ටීවී දෙරණ මීට අවුරුදු 5 කට කළින් සම්මාන උළෙලක් පවත්වන්නට සූදානම් කළේ හැමදේම ක්‍රියාවෙන්ම ඔප්පු කරමින්.
මෙවරත් සාර්ථකව මෙම සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කරමින් පවතිනවා. වෙනදා වගේම මෙවරත් අංශ ගණනාවකින්ම මෙම සම්මාන උළෙල විචිත්‍රවත් කරන බව අපි ඔබට මතක් කරන්නේ හදපිරි සතුටින්. ඔක්තෝබර් මස 6 වැනි දින මෙම සම්මාන උළෙල පැවැත්වීමටයි ටීවී දෙරණ සූදානම් කර තිබෙන්නේ. 2016 දෙසැම්බර් 31 වැනිදාට පෙර තිරගතවූ සිංහල චිත්‍රපට රැසක් මෙම සම්මාන උළෙලේදී තරග වදිනවා. ජූරියේ සම්මාන, ජනතා සම්මාන, හෙට දවසේ සිනමාව සදහා පිරිනැමෙන සම්මාන (Cinema Of Tomorrow) සහ ජීවිත කාලයටම එක්වරක් පමණක් ලැබෙන Life Time Achievement Award ඇතුළු සම්මාන රැසක් එදින පිරිනමනවා. සම්මානනීය අධ්‍යක්ෂකරුවන් වගේම නවක අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටද මේ අතර තිබෙන බව මතක් කළ යුතුයි.
එමෙන්ම සෑම ඉරිදා දිනකම සවස 6.25ට ටීවී දෙරණ හා එකතු වෙන ඔබට මේ සඳහා තරගවදින චිත්‍රපට පිලිබදවත්, එම චිත්‍රපට වල අධ්‍යක්ෂකවරුන් හා නිෂ්පාදකවරුන් සහ ඒ සදහා දායක වුනු සියලුම දෙනා ගැනත් දැනගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මෙම අති උත්කර්ෂවත් සම්මාන රාත්‍රිය නෙළුම් පොකුණ රඟහලේදී ඔක්තෝබර් මස 6 වැනි දින රාත්‍රී 7 ට දිගහැරෙන බව අපි ඔබට මතක් කරන්නේ කවදත් රසිකයන්ට නවමු අත්දැකීම් ගෙන ඒමේ සතුටද නැවතත් මතක් කරමින්.
සටහන තිලිණි පෙරේරා