Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

Black Panther නවතම හොලිවුඩ් සිනමාපටය පෙබරවාරි 16 වැනිදා සිට

$
0
0

හොලිවුඩ් පුරය විවිධ මාතෘකා යටතේ සිනමා නිර්මාණ නිකුත් කරමින් තිබෙන්නේ වේගයෙන්. ක්‍රියාදාම චිත්‍රපට, ත්‍රාසජනක චිත්‍රපට වැනි ශානර හොලිවුඩ් සිනමා රසිකයින් අතර වඩාත් ප්‍රචලිත වන්නේ එහි තාක්ෂණික සහ ගුණාත්මක බව නිසාමයි. හොලිවුඩ් පුරයේ නවතම සිනමා නිර්මාණයක් පෙබරවාරි 16 වැනිදා නිකුත් කෙරෙනවා. Black Panther නමින් නම්කොට අති මේ චිත්‍රපටය superhero film ගණයට අයත් වනවා. හොලිවුඩ්හි ප්‍රකට marvel comics චරිතයක් වටා මේ සිනමාපටය නිර්මාණය වී තිබෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ සම රචකයා වන්නේ Ryan Coogler. ධාවන කාලය විනාඩි 134කින් යුතු මේ චිත්‍රපටය පෙබරවාරි 16 වැනිදා ඇමෙරිකාවේ තිරගත වීම ආරම්භ වනවා. Chadwick Boseman, Michael B. Jordan, Lupita Nyong’s, Danani Gurira, Martin Freeman, ඇතුළු නළු නිලියන්  රැසක් මෙහි චරිත නිරුපනය කරනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>