Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2389

Where are my shoes ඉරාන සිනමාපටය අද තරංගනියෙදී

$
0
0

ඉරාන සිනමා උළෙල කොළඹදී ආරම්භ වුනේ පසුගිය 10 වැනිදා. ආරම්භක දිනයේ සිටම ප්‍රේක්ෂකයින් මහත් උනන්දුවකින් සිනමාපට නැරඹීමට පැමිණ සිටියා. ඉරාන සිනමාව කෙරෙහි ප්‍රේක්ෂකයින්ගේ අවධානය කෙතරම්දැයි දැනගැනීමට මේ සිනමා උළෙලේ ප්‍රේක්ෂක සහභාගිත්වය වැදගත් සාධකයක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබුනා. තෝරාගත් තේමාවන්ට අදාළ සිනමාපට හයක් උළෙලේදී ප්‍රදර්ශනය වනවා. ඒ සියල්ල කෙරෙහි ප්‍රේක්ෂක අවධානය හොඳ මට්ටමක තිබුන බවත් පෙනෙන්නට තිබුනා. ආරම්භක දිනයේ සිනමාපටයක් දෙවැනි දිනයේ සිනමාපට දෙකක් තුන්වැනි දිනයේ සිනමාපට එකක් මේ වනවිට ප්‍රදර්ශනය වී අවසන්. අද එනම් පෙබරවාරි 13 වැනිදා තවත් අපූරු සිනමාපටයක් ප්‍රදර්ශනය වීමට නියමිතයි. සවස 6.30ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී Where are my shoes චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවා.

2006 වර්ෂයේ ඉරානයේ නිර්මාණය කෙරුණු Where are my shoes චිත්‍රපටය 2006 වසරේ මාර්තු 16 වැනිදා ඉරානයේ ප්‍රදර්ශනය වීම ආරම්භ කෙරුනා. පැය 01 මිනිත්තු 40ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය Kiumars Poorahmad විසින් අධ්‍යක්ෂණය කොට තිබුනා. ඔහු සමග Farid Mostafari එක්ව චිත්‍රපටයේ තිර රචනය සිදුකොට තිබෙනවා. Shaghayegh Farahani, Bahareh Kian Afshar, Reza Kianian ඇතුළු ශිල්පින් පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. Habib තමන්ගේ බිරිඳ සහ දියණිය අහිමි වීමත් සමග ජිවිතයට මුහුණ දෙන ආකාරයත් ඔහුගේ මතකයන් ක්‍රියාත්මක වන ආකාරයත් අපුරුවට නිර්මාණය කළ මේ සිනමාපටය රසවිඳීමට අද ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට හැකියාව ලැබෙනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2389

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>