Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

ඉරාන සිනමා උළෙල අවසන් දිනය අද (පෙබ.14 වැනිදා ) තරංගනියෙදී

$
0
0

ඉරාන සිනමා උළෙල කොළඹදී ආරම්භ වුනේ පසුගිය 10 වැනිදා. ආරම්භක දිනයේ සිටම ප්‍රේක්ෂකයින් මහත් උනන්දුවකින් සිනමාපට නැරඹීමට පැමිණ සිටියා. ඉරාන සිනමාව කෙරෙහි ප්‍රේක්ෂකයින්ගේ අවධානය කෙතරම්දැයි දැනගැනීමට මේ සිනමා උළෙලේ ප්‍රේක්ෂක සහභාගිත්වය වැදගත් සාධකයක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබුනා. තෝරාගත් තේමාවන්ට අදාළ සිනමාපට හයක් උළෙලේදී ප්‍රදර්ශනය වනවා. ඒ සියල්ල කෙරෙහි ප්‍රේක්ෂක අවධානය හොඳ මට්ටමක තිබුන බවත් පෙනෙන්නට තිබුනා. ආරම්භක දිනයේ සිනමාපටයක් දෙවැනි දිනයේ සිනමාපට දෙකක් තුන්වැනි දිනයේ සිනමාපට එකක් සහ සිව්වැනි දිනයේත් සිනමාපටයක් මේ වනවිට ප්‍රදර්ශනය වී අවසන්. අද එනම් පෙබරවාරි 14 වැනිදා තවත් අපූරු සිනමාපටයක් ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ උළෙලේ අවසන් දිනය ලෙසින්. අද  සවස 6.30ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී The painting pool චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනවා.

2013 වර්ෂයේ ඉරානයේදී නිර්මාණය කෙරුණු The painting pool චිත්‍රපටය 2013 මාර්තු 13 වැනිදා තිරගත කෙරුනා. පැය 1 මිනිත්තු 32ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය Maziar Miriගේ අධ්‍යක්ෂණයක්. Hamed Mohammadi චිත්‍රපටයට තිර රචනය සිදුකොට තිබෙනවා. Shahab Hosseini, Negar Javaherian, Elham Korda ඇතුළු ශිල්පින් පිරිසක් රංගනයෙන් දායක වනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>