
90 වැනි OSCAR සම්මාන උළෙල අද එනම් මාර්තු 04 වැනිදා හොලිවුඩ්හි පැවැත්වෙනවා. චිත්‍රපට රැසක් ප්‍රධාන ධාරාවේ සම්මාන අතරට නිර්දේශ වී තිබෙනවා. Call me by your name චිත්‍රපටය ඉන් විශේෂයි. 2017 වසරේ නිර්මාණය කෙරුණු ප්‍රේමාන්විත නාට්‍යමය චිත්‍රපටයක් වන මෙය Luca Gaadagmino අධ්‍යක්ෂණය කොට තිබෙනවා. 2007 වසරේ Andre Aciman විසින් රචනා කළ Call me by your name නවකතාව ඇසුරින් තිර රචනය සිදුකොට ඇත්තේ James Ivory විසින්. 17 වියැති Elio Perlman සහ Oliver නමැති ඔහුගේ පියාගේ පර්යේෂණ සහායකයා අතර ඇතිවන ආදර සම්බන්දතාවක් පිළිබඳව මේ චිත්‍රපටය පුරා කතා කෙරෙනවා. 2017 වසරේ Sundance Film Festival හිදී මෙහි මංගල දර්ශනය පවත්වා තිබෙනවා. Armie Hammer, Timothee Chalamet, Michael Stuhlbarg, Amira Casar, Esther Garrel, Victoire Du Bios ඇතුළු පිරිසක් රංගනයෙන් දායකවී තිබෙනවා. මිනිත්තු 132ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටය සඳහා වැයකළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක්.
මෙවර 90 වැනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානය සඳහා නිර්දේශිත නාමයන් අතරට එක වීමට මේ චිත්‍රපටයට හැකියාව ලැබී තිබෙනවා. හොඳම නළුවා ලෙස සම්මානිත වීමට Thimothee Chalamet නිර්දේශ වී තිබෙනවා. හොඳම අනුවර්තිත චිත්‍රපට තිර රචනාව ලෙස නිර්දේශ අතරට එක වීමට James Ivory හට හැකියාව ලැබී තිබෙනවා.