Quantcast
Channel: Cinema.lk
Viewing all 2380 articles
Browse latest View live

“Today”ඉරාන චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් SLMTIහිදී

$
0
0

ඉරාන සිනමාවේදී Reza Mirkarimi අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් කොළඹදී තිරගත කිරීමට සැලසුම් කොට තිබෙනවා. ඒ Today චිත්‍රපටයයි. අප්‍රේල් 07 වැනි සෙනසුරාදා සවස 5.30ට මෙම චිත්‍රපට දර්ශනය පැවැත්වෙනවා. කොළඹ 7 ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනයේ (SLMTI) ශ්‍රවනාගාරයේදී මෙම චිත්‍රපටය තිරගත වනවා. ඒ සඳහා සහභාගී වන ලෙස විවෘත ආරාධනාවක් නිකුත් කොට තිබෙනවා.

Share


“වෛෂණාවී”තිරගත වීම් ඇරඹෙයි

$
0
0

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ සංකල්පයකට අනුව සුමිත්‍රා පීරිස් විසින් නිර්මාණය කළ වෛෂණාවී චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කෙරුනා. 2010 වර්ෂයේ පමණ නිර්මාණය කොට ඇති මේ චිත්‍රපටයේ තිර රචනාව සිදුකොට ඇත්තේ ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ විසින්. මනෝහන් නානායක්කාර විසින් චිත්‍රපටය නිෂ්පාදනය කොට තිබෙනවා. තුමිඳු දොඩන්තැන්න, යශෝධා විමලධර්ම, අයිරාංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, ඇතුළු නළු නිලියන් පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂවරයා වන අතර චමත් පරණවිදාන සංස්කාරකවරයා වනවා. වසන්ති චතුරාණි, රෝහණ බැද්දගේ, ටෝනි රණසිංහ මේ සඳහා රංගනයෙන් දායක වූ සෙසු ශිල්පින් අතර වනවා. නිමල් මෙන්ඩිස් සංගීත නිර්මාණයෙන් දායකවී තිබෙනවා.

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් සිනමාවේදියාගේ 99 වැනි ජන්ම දිනය අප්‍රේල් 05 වැනිදාට යෙදී තිබුනා. එදිනම මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ කිරීමේ මංගල දර්ශනය පැවැත්වුයේ එතුමන්ගේ උපන් දිනය සැමරීම වෙනුවෙන්. කොළඹ රීගල් සිනමා ශාලාවේදී එම මංගල දර්ශනය පැවැත්වුනා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ඒ සඳහා සහභාගිවී තිබුනා.

13096094_500598013478513_5194273323625029101_n                                   16142279_10154434100047893_2128281561325643158_n                                                                                      16174933_10154434100172893_6587814569352816656_n

Share

එම්.ඩි.මහින්දපාල මහතාගේ මතකාවර්ජනය –සිව්වැනි කොටස

මමත් පුර්ණකාලින සිනමාකරුවෙක් නොවෙයි –එම්.ඩි.මහින්දපාල මහතාගේ මතකාවර්ජනය (පස්වැනි කොටස)

මුවන්පැලැස්සේ මැණිකේ සමුගෙන ගියාය

$
0
0

“මෙහ්, මගෙන් මුකුත් ලුණු ඇඹුල් ඇතුව අහන්නේ නැතුව ඕන් ඔහොම ඉන්නව, මොකටද මගේ කට….?? “

මේ දෙබස ඇසීමත් සමග මතකයට නැගෙන්නේ ඇයයි. ඒ දශක ගණනාවක් පුරා රේඩියෝ ශ්‍රාවකයින්ගේ සිත් පැහැරගත් මුවන්පැලැස්සේ මැණිකේයි. ඇගේ ගාම්භීර ගැඹුරු කටහඬ, සිය අභිමානය කෝට් බැයටත්, පිත්තල බොත්තම් කිහිපයකටත් ලගුකොට ගනිමින් පාරම් බාන කෝරළේ මහත්තයාට උන් හිටි තැන් අමතක කරවයි. සුවහසක් රේඩියෝ ශ්‍රාවකයින් කෝරළේ මහතාට වඩා මැණිකේට ආදරය කලේ එහෙයින්. එදා මෙදා තුර ඒ හඬ අසන්නන්ගේ සිත් වල තදින් සටහන්ව තිබෙනවා. වෙනත් ඕනෑම මොහොතක අසුනත් ඇගේ හඬ හඳුනා ගැනීමට අසන්නන්ට හැකියි. එතරම් ඇය ඔවුන්ගේ හදවත් වල රැඳී සිටින හේතුවෙන්.

1931 වසරේ උපත ලැබූ ඇය නමින් රත්නාවලී වුනා. කලාවට ලැදි පවුලක සාමාජිකාවක වූ ඇය වර්ෂ 1951 දෙසැම්බර් 21 වැනිදා රේඩියෝ සිලෝන්හි සේවයට එකතු වන්නේ හඬ ශිල්පිනියක් ලෙසින්. එවකට මෙරට ජනප්‍රිය ශිල්පියකු වූ වික්ටර් මිගෙල් ඇගේ වැඩිමහල් සොහොයුරාගේ මග පෙන්වීමත් ආශිර්වාදයත් නිසා ඇයට මේ ගමන ආරම්භ කිරීම පහසුවක් වූ බව පැහැදිළියි. එදා පටන් දශක හයක් තිස්සේ මෙරට රූපවාහිනී ගුවන්විදුලි සහ සිනමා රසිකයින් පිනවීමට ඇයට අවස්ථාව ලැබුනා. ඒ විවිධ ආකාරයේ චරිත රැසක් සමගින්. නමුත් එදා සිට අද වනතුරුත් ඇය ප්‍රේක්ෂක සිත් තුළ රැඳුනේ මුවන්පැලැස්සේ මැණිකේ ලෙසින්මයි.

1967 වසරේ තිරගත කෙරුණු සත් සමුදුර චිත්‍රපටය හරහා සිනමාවට පිවිසුණු රත්නාවලී කැකුණවෙල, එතැන් පටන් මීමැස්සෝ, අද මෙහෙමයි, දියමන්ති, නිල්ලසොයා, මරුවා සමග වාසේ, ආශා දෑසින්, මුවන්පැලැස්ස, වසන්තයේ දවසක්, උතුමාණනි, පරිත්‍යාගය, කෞමක්කාරයෝ ආරාධනා ඇතුළු සිනමාපට රැසකට සිය රංගන දායකත්වය සැපයුවා. මහරෑ හමුවූ ස්ත්‍රිය, කුරුළු බැද්ද සහ මුවන්පැලැස්ස හරහා ඇය ගුවන්විදුලි නාට්‍ය රසිකයින් හද බැඳගැනීමට සමත්වුනා. ඉන් නොනැවතුණු ඇය මෙරටට රුපවාහිනිය පැමිණීමත් සමග ටෙලි නාට්‍ය ශිල්පිනියක් ලෙසින් රසික හදවත්හි රැඳෙන චරිත රැසකට රංගනයෙන් දායක වුනා.

වසර 87ක ආයු කාලයකින් පසුව පසුගිය 7 වැනිදා ඇය සිය ජිවන ගමනට සමුදුන්නා. අප්‍රේල් 9 වැනි සඳුදා සවස 4ට බොරැල්ල පොදු සුසාන භූමියේදී ඇගේ දේහය පිලිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. රටක් පිනවූ මුවන්පැලැස්සේ ආදරණිය මැණිකේ, ඔබට සුබ ගමන්….!!!

Share

තාක්ෂණයෙන් ගොඩයන්න සිතීම සාර්ථක වෙන්නේ නෑ –එම්.ඩි.මහින්දපාල මහතාගේ මතකාවර්ජනය –හයවැනි කොටස

Black Mail චිත්‍රපටය තිරගතවීම ඇරඹෙයි

$
0
0

සුපිරි ඉන්දීය නළු Irfan Khan රංගනයෙන් දායක වුනු Black Mail චිත්‍රපටය තිරගතවීම ඇරඹි තිබෙනවා. 2018 වසරේ නිර්මාණ කටයුතු අවසන් කෙරුණු මේ චිත්‍රපටය හින්දි භාෂාවෙන් නිර්මාණය වූවක්. Black comedy drama ශානරය යටතේ මෙය නිර්මාණයවී තිබෙනවා. Abhinay Deo චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිතාංග නළුවකු වන Irfan Khan මෙහි ප්‍රධාන චරිතය නිරුපණය කළා. ඔහු පසුගියදා දැඩි ලෙස රෝගාතුර වූ බව බොලිවුඩ් පුරයෙන් වාර්තා වුනා. ඔහු අසනීප වීමට පෙර වැඩ අවසන් කළ චිත්‍රපට ත්‍රිත්වයට Black mail චිත්‍රපටයද ඇතුළත්. ඊට අමතරව Kirti Kulhari සහ Divya Dutta මෙහි සහය චරිත නිරුපණය කරනවා. Parveez Sheikh සහ Pradhuman Singh Mall විසින් චිත්‍රපටය සඳහා තිර රචනය සිදුකොට තිබෙනවා. චිත්‍රපට රැසක් සඳහා සංගීත නිර්මාණය කළ ජනප්‍රිය සංගීතඥ Amrit Thrivedi මෙම චිත්‍රපටය සඳහාත් සංගීතය නිර්මාණය කොට තිබෙනවා. Jay Oza චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වනවා. චිත්‍රපටය විනාඩි 139ක ධාවන කාලයකින් යුක්තයි.

 

Share

ජර්මනියේත් සිනමාහල් වල එරට චිත්‍රපට පෙන්වන සම්භාවිතාව 5%ක් විතරයි –එම්.ඩි.මහින්දපාල


ඔබ තවමත් ප්‍රමාද නැහැ –ඉක්මන් කරන්න. අවසන් දිනය අප්‍රේල් 25.

$
0
0

දෙරණ සිනමා සම්මාන උළෙල 06 වැනි වරටත් මෙවර පැවැත්වෙනවා. 2017 වසරේ තිරගත වුනු චිත්‍රපට 24ක් අතුරින් හොඳම නිර්මාණ සහ නිර්මාණ ශිල්පින් ඇගයීමේ කටයුතු මෙහිදී සිදුකෙරෙනවා. සිනමා සම්මාන උළෙලට සමගාමිව තවත් වැඩසටහන් රැසක් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා. Cinema of tomorrow සහ Short Film Competition මේ අතර විශේෂයි.

දෙරණ සිනමා උළෙලට සමගාමිව නවක අධ්‍යක්ෂවයකුගේ නවක නිර්මාණ පුළුල් තිරයේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදී ඉන් තෝරා ගන්නා හොඳම නිර්මාණ සඳහා ඇගයීම් ලබා දීම මෙහිදී සිදුකෙරෙනවා. cinema of tomorrow කාණ්ඩය සඳහා නිර්මාණ බාරගැනීමත් මේ දිනවල සිදු කෙරෙනවා.

Short Film Competition

කෙටි චිත්‍රපට කියන්නේ මේ වනවිට ඉතා ජනප්‍රිය කළා මාධ්‍යයක්. බොහෝ තරුණ පිරිස් කෙටි චිත්‍රපට නිර්මාණකරණයට යොමු වීමේ ප්‍රවනතාවක් දක්නට තිබෙනවා. ඒ නිසාම දෙරණ සිනමා සම්මාන උළෙලට සමගාමිව කෙටි චිත්‍රපට තරගයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ සඳහා දන් නිර්මාණ ලබාදීමේ හැකියාව තිබෙනවා. පහත සඳහන් අයදුම්පත හෝ එහි ආදර්ශ පිටපතක් සමග ඔබේ කෙටි චිත්‍රපට නිර්මාණය දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත ගෙනවිත් බාරදීම සිදුකළ හැකියි. නොඑසේ නම් ඊමේල් මගින් අයදුම්පත සමග නිර්මාණය එවීමත් සිදුකිරීමට හැකියාව තිබෙනවා. ඔබේ කෙටි චිත්‍රපට නිර්මාණය හැකි ඉක්මනින් සංවිධායකයින් වෙත ලබාදීම අත්‍යවශ්‍ය වනවා.

Share

Avengers Infinity War අප්‍රේල් 27 වැනිදා සිට තිරගතවෙයි

$
0
0

හොලිවුඩ් සිනමා නිර්මාණ නරඹන බහුතරයක් සිනමා රසිකයින් ලෝකය පුරාම ඉන්නවා. හොලිවුඩ් සිනමා නිර්මාණයක් නිකුත් වනවාත් එක්කම ඒවා නැරඹීමේ උන්මාදයක් තියන ප්‍රේක්ෂකයින් ලංකාවෙත් අපට නිතර නිතර හමු වනවා. මේ තොරතුරු ඒ රසිකයින් වෙනුවෙනුයි.

හොලිවුඩ් චිත්‍රපට සඳහා දැන් දැන් වැඩිපුරම තේමා වන්නේ තාක්ෂණික කාරනා බව ඔබ හඳුනාගෙන ඇති.  මේ විශ්වයෙන් ඔබ්බට ඇති ලෝකයක් පිළිබඳව, පෘථිවියෙන් ඔබ්බට ලෝකය පිළිබඳව, අනාගතයේ ලෝකයේ හැසිරීම පිළිබඳව වැනි පරිකල්පිත සිද්දි සමග නිපදවන සිනමා නිර්මාණ බහුලයි. අප්‍රේල් මස 27 වැනිදා සිට ඒ විදිහේ නවතම සිනමා නිර්මාණයක් තිරගත වීමට නියමිතයි. Avengers infinity war නමින් චිත්‍රපටය නම්කොට තිබෙනවා. Avengers 3 නමිනුත් මේ චිත්‍රපටය හඳුන්වා තිබෙනවා. සුප්‍රකට හොලිවුඩ් නිෂ්පාදන සමාගමක් වන Marvel Studios මේ චිත්‍රපටයේ නිෂ්පාදනය සහ බෙදා හැරීමේ කටයුතු සිදුකොට තිබෙනවා.

Anthony Russo සහ Joe Russo විසින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. Christopher Markus සහ Stephen McFreely චිත්‍රපටයට තිර රචනයෙන් දායක වුනා. Robert Downey, Jeremy Renner, Scarlett Johansson, Elizabeth Olsen, Chris Hemsworth, Mark Ruffalo ඇතුළු පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. හොලිවුඩ් රසිකයින් බහුතරයක් චිත්‍රපටය නිකුත් වන තුරු නොඉවසිල්ලෙන් පසුවන බව Avengers වෙබ් අඩවිය වාර්තා කොට තිබුනා.

Share

පාසල් නිවාඩු කාලයට පුංචි අන්දරේ දිවයින පුරා

$
0
0

පාසල් නිවාඩුව කියන්නේ දරුවන්ට විනෝදය සතුට සහිත කාලයක්. පාසල් නිවාඩු සාමය දරුවන්ට කෙළි සෙල්ලම් වලින් ගත කිරීමටත් විනෝද වීමටත් වෙන් වෙනවා. එයිනුත් සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ලැබෙන නිවාඩුව විශේෂයි. මේ කාලයට වැඩිපුරම කාර්ය බහුල වෙන්නේ ළමයින්. මෙවර පාසල් නිවාඩුව සහ අවුරුදු සමයේ සතුට සමග දරුවන්ට විනෝදය රැගෙන එන අලුත්ම සිනමා නිර්මාණයක් තිරගත විමා ආරම්භ කොට තිබෙනවා. විනෝදය පමණක්ම නොවී ඉතිහාස අධ්‍යයනයක්ද සහිත අපූරු සිනමා නිර්මාණයක් මේ. දරුවන්ට ඉතිහාස දැණුම වර්ධනය කරගැනීමටත් අවස්තාවක් ලැබෙන නිර්මාණයක්. චිත්‍රපටයේ නම් “පුංචි අන්දරේ”.

පෙර ශ්‍රී ලාංකීය රජ කතා ඉතිහාසය ගැන බලද්දී අපට හමුවන සුන්දර කවටයෙක් වන අන්දරේගේ ළමා කාලය ගැනත් බොහෝ කතාබහ තිබෙනවා. ජනප්‍රවාදයේ එන මේ කතා රැසක් පරපුරෙන් පරපුරට දරුවන් පිනවීමට සමත් වුනා. ඒ කතා අතුරින් සිද්දි කිහිපයක් ඇසුරින් මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. සුමිත් රෝහණ තිත්තවැල්ල අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට මහින්ද කුමාර දළුපොත තිර රචනය සිදු කළා. රාජිත සුවාරිස් මෙහි නිෂ්පාදකවරයා වනවා. මහේන්ද්‍ර පෙරේරා, සුනීතා විමලවීර, ඩබ්ලිව්.ජයසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මොරින් චාරුණි, ප්‍රවීන් කටුකිතුලේ ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වනවා. අසෝක ජයසේකරගේ කැමරා අධ්‍යක්ෂණයෙන් සිනමාපටය හැඩගැන්වී තිබෙනවා. දරුවන්ගේ පාසල් නිවාඩු කාලයට අපූරු අත්දැකීමක් එක්කළ හැකි “පුංචි අන්දරේ” සිනමාපටය දන් දිවයින පුරා සිනමාහල් වලදී නාරම් බිමට හැකියාව තිබෙනවා.

Share

ඔසඳට පෙම්බැඳි වෛෂ්ණාවිය මුණගැසුනාද…??

$
0
0

ඔහු නමින් ඔසඳ. තමන්ගේ පියාගේ කුසලතාවන් නිසඟව උරුම කරගත් යෞවනයෙක්. මව්පියන් අහිමි ඔහු ජිවත් වන්නේ මිත්තණිය සහ මාමණ්ඩිය ඇසුරේ. මාමණ්ඩියගේ දියණිය ඔහුට දක්වන්නේ අපරිමිත සෙනෙහසක්. නමුත් ඒ සහෝදර පෙමක්ද ඉන් ඔබ්බට යන්නක්දැයි නිශ්චිතව වටහාගත නොහැකි තැනක දෝලනය වෙමින් තිබෙන්නක්. නෛසර්ගිකව තමා සතු හැකියාවෙන් රූකඩ නිර්මාණය කිරීමත් ඒ රූකඩ ප්‍රසංග පවත්වමින් ගමින් ගමට යාමත් නිසා ඔසඳ කා අතරත් ජනප්‍රියයි. ඔහුගේ මාමණ්ඩියට ගමේ යම් පිළිගැනීමක් තිබෙන නිසාම ඔසඳ වෙනුවෙන් පළාතේ පොහොසත් මුදලාලි කෙනෙකුගේ දියණියක් විවාහයට යෝජනා කෙරෙනවා. නමුත් වෙනත් සම්බන්ධයක් ඇති ඒ තරුණිය විවාහයට පෙර සිය පෙම්වතා සමග පලායාමෙන් ඔසඳ පත්වන්නේ ඉච්ඡාභංගත්වයකට. මාමණ්ඩිය නොවන්නට ඔහු සිය දිවි නසාගැනීමටත් ඉඩ තිබුනා.  කෙසේ වෙතත් ඔසඳ අතින් නිර්මාණය වන ඊළඟ රූකඩයට  ලැබෙන්නේ අපූරු පෙනුමක්. ජීවී කාන්තාවක් තරම්ම ඒ රුපය සජීවියි. නිසි අවසරයකින් තොරව කපාගත් ගසකින් කළ මේ  රූපයට ගසේ ජිවත් වූ වෛෂ්ණාවි නම් රුක්   දෙවඟන ඇතුල් වෙන්නේ එහෙම. ඒ රූපය තුළ ජිවත් වන අතර ඔසඳට පෙම් බඳින වෛෂ්ණාවියට කුමක් සිදු වේද..? මිනිස් ලොවත් දෙව්ලොවත් අතර හටගන්නා මේ අධ්‍යාත්මික ප්‍රේමයේ බර කොපමණක්ද..?

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස්ගේ කතා සංකල්පනාවකට ටෝනි රණසිංහ තිර රචනා කළ වෛෂ්ණාවි චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ සුමිත්‍රා පිරිස් සිනමාවෙදිනිය. මේ දිනවල දිවයින පුරා CEL මණ්ඩලයේ සිනමාහල් වලදී ඔසඳ සහ වෛෂ්ණාවි ආදර අන්දරයේ අධ්‍යාත්මික සිනමා රස විඳින්නට සිනමා ප්‍රේක්ෂකයින්ට   අවස්ථාව උදා වනවා. තුමිඳු දොඩන්තැන්න, යශෝධා විමලධර්ම, අයිරාංගනී සේරසිංහ, ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, වසන්ති චතුරාණි,   ටෝනි රණසිංහ, විණා ජයකොඩි, රොෂාන් පිලපිටිය, ඇතුළු නළු නිලියන් පිරිසක් චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. උපතිස්ස ඉලංගකෝන් කළා අධ්‍යක්ෂණයෙන් සුරංගනී විජේවික්‍රම ඇඳුම්   නිර්මාණයෙන් දායක වුනු චිත්‍රපටයට ඩොනල්ඩ් කරුණාරත්න කැමරාකරණයෙන් දායක වුනා. චමිත් පරණවිතාන සංස්කරණ සහ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණ ශිල්පියා වනවා. විනාඩි 155ක ධාවන  කාලයකින් යුත් චිත්‍රපටය මනෝ නානායක්කාර නිෂ්පාදනයක්.

Share

කුමාරයෙක් උනත් ඌ යකෙක්, යකෙක් උනත් ඌ කුමාරයෙක්

$
0
0

“කුමාරයෙක් උනත් ඌ යකෙක්, යකෙක් උනත් ඌ කුමාරයෙක්” මේ ප්‍රකාශය අපට හමුවන්නේ ඉදිරියේදී තිරගත වීමට නියමිත අලුත්ම චිත්‍රපටයකින්. දේශීය සිනමාවට විවිධ ආකාරයේ තේමාවන්ගෙන් යුතු සිනමා නිර්මාණ කිහිපයක්ම නිමැවූ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි තමයි මේ චිත්‍රපටයත් නිර්මාණය කොට තිබෙන්නේ. චිත්‍රපටයේ නම “ඝර සරප”, ඝර සරප කිවුවත් ඔහුගේ නියම නම කලුකුමාරයා කියලත් මේ දෙබස් කණ්ඩ ඇතුලෙදි කියවෙනවා. ඒ නිසාම අපට මේ චිත්‍රපටය පිළිබඳ යම් පුර්ව අදහසක් ලබා ගැනීමටත් හැකියාවක් ලැබේවි. ගරිල්ලා මාකටිං චිත්‍රපටයට පසු ජයන්තගේ නියම සිනමා ප්‍රකාශනයක් විය හැක්කේ මෙය බවත් බොහෝ දෙනාගෙන් මතුවෙමින් තිබෙන අදහසක්. පසුගියදා මේ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරණ පටය නිකුත් වීමත් එක්කම ඒ ගැන ක්ෂේත්‍රයේ උදවියගේ වගේම සිනමාලෝලින්ගේත් අවධානය යොමුවී තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

ජයන්ත සමග වැඩ කරන පිරිස අපට බොහෝ චිත්‍රපට හරහා දකින්න ලැබෙන්නේ එකම කණ්ඩායමක් බව. ඒකත් ඔහුගේ සිනමා භාවිතාවේම අනන්‍යතාවක් විය හැකියි. මේ චිත්‍රපටයෙත් කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, ජැක්සන් ඇන්තනි, වසන්ත විට්ටච්චි, ඇතුළු ශිල්පින් පිරිසක් දායක වනවා. සමිතා එරන්දතී ගායන ශිල්පිනියගේ දියණිය කාවින්ද්‍යා අදිකාරී රංගන ශිල්පිනියක් ලෙසින් මේ චිත්‍රපටය හරහා හඳුන්වා දෙන බවත් සඳහන්. දෙවනක පෝරගේ ඇය සමග රංගනයේ යෙදෙනවා. මේ වසරේ මැද භාගයේ ප්‍රේක්ෂකයින් වෙත මේ චිත්‍රපටය නිකුත් කිරීමට හැකි වෙතියි අපේක්ෂා කෙරෙනවා. කෙසේ නමුත් එය ජයන්තගේ සිනමා ගමන් මගේ නව පිටුවක් වනු අති බව බොහෝ දෙනා මත පල කරනවා.

Share

පුස්තකාල සුමිතුරෝ මාසික සිනමා දැක්ම

$
0
0

ජාතික පුස්තකාලය විවිධ ආකාරයෙන් ජනතාවගේ නැණ නුවණ වර්ධනය කිරීම උදෙසා කැපවන ආයතනයක්. පුස්තකාලය ආශ්‍රිතව ජාතික පුස්තකාල සුමිතුරෝ නමින් සංවිධානයක් පිහිටුවා ගනිමින් විවිධ ක්‍රියාකාරකම් සිදු වන්නේත් ඒ අරමුණින්මයි. ජාතික පුස්තකාල සුමිතුරෝ සංවිධානය සෑම මසකම මාසික සිනමා දැක්මක් සංවිධාන කෙරෙනවා. එහි අප්‍රේල් මාසය සඳහා වන පියවර අප්‍රේල් 24 වැනිදා ක්‍රියාත්මක කිරීමට සුදානම්.

2017 වර්ෂයේ නිර්මාණය වුනු ඇමරිකානු චිත්‍රපටයක් වන The mountain between us මෙවර සිනමා දැක්මේදී තිරගත කිරීමට නියමිතයි. Drama, romance, survive ලෙස චිත්‍රපටයට වර්ගීකරණය ලැබී තිබෙනවා. Hany Abu-Assad මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා. 2011 වර්ෂයේ ප්‍රකාශයට පත්වුණු Charles Martin රචනා කළ The mountain between us නවකතාව ආශ්‍රයෙන් චිත්‍රපටය නිර්මාණ වුවා. නවකතාව චිත්‍රපටය සඳහා අනුවර්තනය කරමින් තිර පිටපත රචනා කලේ Chris Weitz සහ J.Mills Goodloe විසින්. හොලිවුඩ්හි ජනප්‍රිය රංගන ශිල්පින් යුවලක් වන  Idris Elba සහ Kate Winslet චිත්‍රපටයේ ප්‍රධානන චරිත ද්විත්වය නිරුපනය කෙරෙනවා. ගුවන් අනතුරකට ලක්වන ඔවුන් දෙදෙනා ජනශුන්‍ය ප්‍රදේශයක හිමෙන් වැසුණු කඳු පන්තියක අතරමං වීමෙන් පසුව යළි සිය වාසස්ථාන දක්වා ඒමට කරනු ලබන දුෂ්කර වෑයම චිත්‍රපටයේ කතාව ලෙස නිරුපිතයි. විනාඩි 112ක ධාවන කාලයකින් යුත් චිත්‍රපටය සඳහා වැයකළ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 35ක්.

එළඹෙන 24 වැනි අඟහරුවාදා සවස 4.00ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී මෙම චිත්‍රපට දර්ශනය පැවැත්වෙනවා. සිනමා ලැදි ප්‍රේක්ෂකයින් වෙත පුස්තකාල සුමිතුරෝ විවෘත ආරාධනයක් සිදුකොට තිබෙනවා.

Share

ප්‍රභූ දේවාගේ නවතම සිනමාපටය Mercury තිරගත වීම ඇරඹෙයි

$
0
0

ඉන්දියානු සිනමාව ඇතුලෙ අපට විවිධ සිනමාවන් හමු වනවා. හින්දි, දමිළ, තෙලිඟු, මලයාලම්, වැනි විවිධ සිනමාපට ඒ අතර වනවා. මේ චිත්‍රපට බොහොමයකට දායක වන ශිල්පිනුත් අපට හඳුනා ගත හැකියි. ප්‍රභූ දේවා ඒ අතරින් කෙනෙක්. හින්දි ද්‍රවිඩ වැනි විවිධ සිනමාපට හරහා ඔහුගේ සිනමා රංගනයන් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. මේ තොරතුරු ඔහු රංගනයේ යෙදුනු නවතම ද්‍රවිඩ සිනමාපටය සම්බන්ධයෙනුයි.

Mercury නමින් නම්කොට අති මෙය Silent movie ගණයට අයත් වන්නක්. චිත්‍රපටය රචනා කොට අධ්‍යක්ෂණය කලේ Karthik Subbaraj විසින්. Horro thriller කාණ්ඩයේ චිත්‍රපටයක් ලෙස මෙය වර්ගකොට තිබෙනවා. Prabhu Deva ට අමතරව Sananth Reddy, Remya Nambeesan ඇතුළු නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වනවා. මිනිත්තු 115ක ධාවන කාලයකින් යුක්ත චිත්‍රපටය අපූරු කතා තේමාවකින් යුක්තයි. අප්‍රේල් 13 වැනිදා සිට මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය සඳහා නිදහස් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුනා.

Share


ලෝකයේ ප්‍රවීණ සිනමාවේදීනුත් කෙටි චිත්‍රපට නිර්මාණය කරනවා –නාද්‍යා පෙරේරා

Naina Mathur සහ Brad Cohen –සමාජ පන්ති දෙකක ගොඩනැගෙන එකසමාන අධ්‍යාත්මයන්

$
0
0

මිනිසුන් විවිධාකාරය. ලෝකය නිර්මාණය වීමේ තැන් පටන් මිනිස් වර්ගයා තුළ එකිනෙකට වෙනස් ලක්ෂණයන් පැවතුනු බවට සාක්ෂි තිබෙනවා. “මිනිසකු” ලෙස ඉපදෙන නමුත් විවිධ ආකාරයේ විෂම ලක්ෂණ සහිත වන පුද්ගලයින් “අස්වාභාවික” හෝ “අසාමාන්‍ය”  ලෙස වෙනම කුලකයකට දැමීමට ප්‍රජාව හුරුවී තිබෙනවා. එහි ආරම්භය කවදා කෙසේ සිදු වුවත් මේ වනවිට සමස්ථ සමාජයේම මේ තත්වය මුල්බැස අවසන්. අඩුවැඩි වශයෙන් සෑම තරාතිරමකම පුද්ගලයින් අතර මේ අදහස් පවතින නිසාම විවිධත්වය අනුමත කිරීමට නොහැකි වීම තුළ විවිධත්වයෙන් යුතු පුද්ගලයා අසරණ වන අවස්ථා බොහොමයි. එවන් පුද්ගලයින් ආබාධිතයින් හෝ වෙනත් එවැනි වචනයකින් හඳුන්වමින් අසාමාන්‍ය පුද්ගලයින් ලෙස වෙන් කිරීමට කටයුතු කිරීමේ ඛේදජනක තත්වයන් පිළිබඳව කියැවෙන කතා ඇසුරින් නිර්මාණය වුනු සිනමාපට බොහොමයක් ලෝක සිනමාව තුළ දක්නට ලැබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයක් සත්‍ය සිදුවීම් ඇසුරේ නිර්මාණය වූ සිනමාපට වීමත් විශේෂත්වයක්.

2008 වර්ෂයේ ඇමරිකාවේ නිර්මාණය වන Front of the class චිත්‍රපටය එවැන්නක්. Brad Cohen විසින් රචනා කළ එම නමින්ම යුතු නවකතාවක් ඇසුරින් මේ චිත්‍රපටය නිර්මාණය කෙරුනා. Peter Werner අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට තිර රචනය සිදුකලේ Andrew Gottieb විසින්. එවකට නවක නළුවකු වූ James Wolk මෙහි ප්‍රධාන චරිතය රඟපාමින් විශිෂ්ට රංගනයක නිරත වුනා. Brad මේ කෘතිය රචනා කලේ තමන්ගේ ජිවන අත්දැකීම් ඇසුරින්. පොදු සමාජය අසාමාන්‍ය ලෙස සලකන තත්වයක් සහිතව උපත ලැබූ ඔහුට ජීවිතය ජයගෙන සිය අරමුණ කරා යාමට දැඩි අරගලයක නිරත වීමට සිදුවන්නේ මේ තත්වය හේතුවෙන්. Tourette Syndrome නම් තත්ව්‍යා ඔහුට ලැබෙන්නේ උපතින්. අවිඥාණිකව සම විටකම මතු කරන ශබ්දයක් සහ විවිධ චලනයන් සිදු කිරීම මේ තත්වයේ ලක්ෂණ වනවා. නමුත් අන් සියලු කාරනා අතින් ඔහු අතිශය සාමාන්‍යයි. ඒ වගේම ඔහු ඉතා දක්ෂ පුද්ගලයෙක්. නමුත් ඔහුගේ දක්ෂතා සහ හැකියාවන් අභිබවා මතුව එන්නේ ඔහුගේ එකී දුර්වලතාව නිසාම ඔහුට බොහෝ අවස්ථාවන් මගහැරෙනවා. Front of the class චිත්‍රපටය හරහා මේ සිදුවීම් සමගින් Brad සිය අරමුණු ඉටු කරගන්නා අයුරු අපුරුවට සිනමාරූපීයව ගෙන එනවා. වසර 8ක් පැරණි මේ චිත්‍රපටය පිලිබඳ නැවත අවධානය යොමු වන්නේ එම මාතෘකාවම පාදක කරගනිමින් නිර්මාණය වන බොලිවුඩ් චිත්‍රපටයක් ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වීමත් සමගයි. ඒ, මේ දිනවල තිරගත වන Hichki ඉන්දීය චිත්‍රපටයයි.  ඒ හරහා කතාබහට ලක්වන්නෙත් Tourette syndrome තත්වයට මුහුණදුන් තරුණියකගේ ජිවන ගමන පිළිබඳව වීම විශේෂත්වයක්. හොලිවුඩ් චිත්‍රපටයට පාදක වුනු සිද්දිය සහ අදාළ කතා තේමාවම Adaptation ලෙස නිර්මාණය කෙරුණත් මේ චිත්‍රපටය අපුරුවට ඉන්දීය හෙවත් පෙරදිග සස්කෘතිය සහ අ තත්වයන් සමග ගලපා තිබීම සුවිශේෂියි.

හොලිවුඩ් චිත්‍රපටයේදී අපට හමුවන්නේ Brad Cohen වන නමුත් බොලිවුඩ් චිත්‍රපටයේ අපට හමුවන්නේ Naina Mathur නම් තරුණියක්. ගැහැනියක් වීම සහ පෙරදිග රටක සංස්කෘතික ගැහැනියක් වීම නිසාම Brad මුහුණ නොදුන් අභියෝග රැසකට Naina මුහුණපාන බව චිත්‍රපටය ආරම්භයේම විවිධ දර්ශන හරහා ඉඟි ලබා දෙනවා. නමුත් Brad මෙන්ම Nainath මුහුණ දෙන්නේ එකම ශාරීරික තත්වයන්ට. සමාන තත්වයන්ට මුහුණ දෙන ඔවුන් දෙදෙනා ජිවත් වන වටපිටාවන් වෙනස් නිසාම අත්දැකීම් සියල්ලත් එකිනෙකට වෙනස් වනවා. නමුත් මේ දෙදෙනාටම සමාන කාරනා කිහිපයකුත් චිත්‍රපට දෙකේම හඳුනා ගැනීමට හැකියි. Brad මෙන්ම Nainaටද අපූරු මව්වරුන් සිටීම විශේෂත්වයක්. සමස්ථ සමාජයම අසාමාන්‍යයි සලකන තම දරුවා අතිශය සාමාන්‍ය බවට විශ්වාස කරන ඔවුන්ගේ සම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ඒ මව්වරුන් දෙදෙනා නොවන්නට මේ දෙදෙනාටම ජීවිතය ජය ගැනීම එතරම් පහසු නොවන්නට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. එමෙන්ම පොදු සමාජය විශ්වාස කරන දරුවා විශ්වාස නොකරන පියවරුන් දෙපළක් මේ දෙදෙනාටම සිටිනවා. අවසානයේ ඒ මවුවරුන්ට ඔවුන්ගේ සැමියන්ගෙන් වෙන්ව ජිවත් වන්නට සිදු වන්නේත් තම දරුවාගේ තත්වය පිලිබඳ විශ්වාස කිරීම හේතුවෙන්. කවර තත්වයක් යටතේ වුවත් කොන්දේසි විරහිතව ආදරය බෙදා ගන්නා සහෝදරයින් දෙදෙනෙක් මේ දෙදෙනාටම සිටිනවා. මේ වටපිටාව නිසාම ඔවුන්ගේ ගමනට පහසුවක් වී තිබීම විශේෂයි. නමුත් Brad සහ Naina වෙනස් වන්නේ ඔවුන් ගැටෙන සමාජ පනතින්හි වෙනස නිසාමයි.

බටහිර පිලිබඳ පොදු විශ්වාසය නම් ඔවුන් විවෘත සහ දියුණු ජාතින්ය යන්නයි. නමුත් මේ චිත්‍රපටය හරහා ඒ අදහසට යම් අභියෝගයක් එක කරන බව පැහැදිලියි. Brad පාසල් අවදියේ පටන් මුහුණ පාන අභියෝග ඊට කදිම සාක්ෂි වනවා. Nainaa මේ සමකාලින් අත්දැකීම් සියල්ලට එලෙසින්ම මුහුණ පානවා. මේ දෙදෙනාටම හමුවන ඉතා බුද්ධිමත් විදුහල්පතිවරුන් දෙදෙනෙක් හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක අයුරින් අවසන් කිරීමට ඔවුනට අවස්ථාව ලැබෙනවා. නමුත් ගුරුවරයකු වීමේ අරගලය මේ දෙදෙනාම එකම අයුරින් මුහුණ දුන්නත් ඔවුන් දෙදෙනාට ලැබෙන පාසල් සහ එහි අධ්‍යාපනය ලබන දරුවන්ගේ තත්වය එකිනෙකට වෙනස් වනවා. අවසානයේ ගුරු වෘත්තියට පිවිසෙන Brad ඔහුට ලැබෙන කුඩා දරුවන්ගේ පන්තිය මනා ලෙස හසුරුවන අයුරු පෙන්වනවා. නමුත් HIchki හරහා අපට දක්නට ලැබෙන පාසල ඊට හාත්පසින්ම වෙනස්. Nainaa ගුරුවරියක ලෙස සේවයට එක් වන්නේ ඇය උගත් පාසලටමයි. නමුත් එදා නොතිබූ 9F පන්තියක් එහිදී ඇයට හමු වනවා. මේ පන්තියේ සිටින සිසුන් Bradගේ සිසුන්ට වඩා හාත්පසින්ම වෙනස්. කිසියම් දේශපාලනික තින්දුවක අතුරු පලයක් ලෙසට අසල “මුඩුක්කු” ලෙස වර්ගීකරණය කළ පහල සමාජ මට්ටමක සිසුන් 14ක් සහිත 9F පන්තිය ඇගේ පන්තිය ලෙස නම් කෙරෙනවා. Bradගේ පාසලේ Mr.Wadiya තරම් අසුභවාදී ගුරුවරයකු සිටියේත් නැහැ. Nainaගේ පන්තියේ සිසුන්ට ඉගෙනීම පිලිබඳ අදහසක් හෝ අවශ්‍යතාවක් තිබුනෙත් නැහැ. ඉන්දීය ජන සමාජයේ එක පැතිකඩක් සහ ඒ සඳහා තම දායකත්වය දැක්වීමේ නොතිත් ආශාවෙන් පෙලෙන මධ්‍යම පාන්තික තරුණියක් සමගින් චිත්‍රපටයට තවත් අපූරු දිශානතියක් එක් කිරීමට රචකයා සමත් වනවා. Tourette syndrome සහිත Nainaa එතෙක් සාමාන්‍ය යයි සලකන ගුරුවරයකුට කිසිසේත් කළ නොහැකි වූ අපූරු විස්කමක් කිරීමට සමත් වනවා. එහි අවසානයේ තමා පරාජිතයකු බව පිළිගැනීමට Mr.Wadiyaට සිදු වනවා. මේ කතා සංකලනය Hichki හරහා අපූරු සංවාදයකට මග පාදනවා. Nainaa විශ්වාස කරන ඇගේ මතවාදය හරහා සමස්ථ ගුරු පරපුරට නැවත සිතා බැලීමට යමක් ඉතිරි කරන්නට නිර්මාණකරුවා සමත් වනවා. ඇය වරක් පවසන්නේ “You know Mr.Wadiya, There are no bad students, only bad teachers” යනුවෙන්. මේ අදහස පමණක්ම Naina සහ ඇගේ සිසුන් හරහා සමාජගත කරන්නට උත්සාහ කරන සංවාදයට ප්‍රවේශයක් සැපයීමට සමත් වනවා.

සටහන : නිසංක වෙහෙරදුව

Share

ජාන්වී කපූර් ඉෂාන්ගේ ආරාධිතයා වෙයි

$
0
0

ජාන්වී කපූර් ඉන්දියාව පමණක් නොව ලෝකය පුරාම කතාබහට ලක්වුණා චරිතයක් වුනා. ඒ පසුගිය මාර්තු මාසයේදී. ඇගේ මවගේ හදිසි වියෝව ඉන්දියාව පමණක් නොවෙයි මුළු ලෝකයේම ඉන්දියානු සිනමා රසිකයින් අතර දැඩි කතාබහකට ලක්වුනා. ජාන්වී කපූර් ශ්‍රිදෙවී කපූර් සහ බොනී කපුර්ගේ වැඩිමහල් දියණියයි.

පසුගියදා ඈ නවතම පුවතක් සමග බොලිවුඩ් රසිකයින් හමුවට පැමිණියා. ඒ ඇගේ සමීපතම මිතුරකුගේ පළමු සිනමාපටයේ මංගල දර්ශනයට ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරියුම් ලැබීමත් සමගයි. Ishaan Khatter නම් වන මේ අපූරු තරුණයා රංගනයෙන් දායක වුනු පළමු සිනමාපටය Beyond the clouds නම් වනවා. එය ඉරාන ජාතික සිනමාකරුවකු වන Majid Majidi විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය රංගනයෙන් දායක වූ Ishaan ඉන් පසුව රංගනයෙන් දායක වුනේ Dhadak චිත්‍රපටයට. එහි ඔහුගේ සහය ශිල්පිනිය (Co-star) වන්නේ Janhvi Kapoor වීම විශේෂයි. කෙසේ නමුත් ඔවු න් දෙදෙනා තිරයෙන් පිටත සමීප මිතුරන් බවත් පැවසෙනවා. ජාන්වී සිය පියා සමගින් මේ චිත්‍රපට දර්ශනයට සහභාගී වූ බව සඳහන් වනවා.

ishaan-ndtv_650x650_51524122016 ishaan-ndtv_650x650_71524121909 ishaan-ndtv_650x650_71524122036 ishaan-ndtv_650x650_81524121983 ishaan-ndtv_650x650_81524122000 janhvi-ndtv_650x400_61524121828 janhvi-ndtv_650x650_51524121857

Share

දෙරණ සිනමා සම්මාන –චිත්‍රපට 24ක් තරගයට

$
0
0

ශ්‍රී ලාංකීය සිනමාවේ හෙට දවස වෙනුවෙන් දෙරණ මාධ්‍ය ජාලය නිරන්තරයෙන් මැදිහත් වීම් සිදු කරනවා. සිනමාවේ හෙට දවස වෙනුවෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ශිල්පින් අගය කිරීම උදෙසා දෙරණ සිනමා සම්මාන උළෙල එහි එක පියවරක්. 2017 වර්ෂය සඳහා වන දෙරණ සිනමා සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ එනිසයි. එළඹෙන මැයි මාසයේ මෙම සිනමා සම්මාන උළෙල පැවැත්වෙනවා.  මෙවරත් සිනමා සම්මාන උළෙල සඳහා අනුග්‍රාහකයින් ලෙස සන්සිල්ක් සමාගම TV දෙරණ සමග එක්ව තිබෙනවා. සිනමාවේ හෙට දවස උදෙසා මාධ්‍ය ජාලයක් ලෙස දෙරණ ආයතනයේ මේ මැදිහත්වීම අඛණ්ඩව පස් වසරක් පවත්වාගෙන එමෙන් පසුව මෙවර එහි හයවැනි පියවර මෙලෙස සංවිධාන කොට තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චිත්‍රපට ශාලාවන්හි තිරගත වුනු දේශීය සිනමාපට 24ක් මෙවරත් සිනමා සම්මාන උළෙලේ සම්මාන සඳහා තරංග වදින බව චිත්‍රපට උළෙල සංවිධාන කමිටුව පවසනවා. විවිධ කාණ්ඩ යටතේ සම්මාන 24ක් ප්‍රධානය කිරීම මෙවරත් සම්මාන උළෙලේදී සිදුවනු ඇති.

සම්මාන උළෙල සඳහා නිර්දේශිත චිත්‍රපට

01. ආලෝකෝ උදපාදි

02. රන් සයුර

03. ප්‍රේමය නම්

04. සුළඟ ගිනි ගනී

05. කොට උද එක්ස්ප්‍රස්

06. බන්ධනය

07. නිලංජනා

08. පැණි මකුළුවෝ

09. අලි කතාව

10. නිනෝ ලයිව්

11. නිම්නයක හුදෙකලාව

12. හිම තාරකා

13. විසි අට (28)

14. ධර්ම යුද්ධය

15. දෙවැනි වරම

16. හීන හොයන සමනල්ලු

17. පුංචි අපිත් දැන් බය නෑ

18. ස්වරූප

19. සෙල්ලන් නැත්තන් ලෙල්ලන්

20. දේදුනු ආකාසේ

21. අප්පට සිරි

22. කාල

23. ඩොක්ටර් නවරියන්

24. පහ සමත්

Share

බිම්බාදේවී හෙවත් යශෝධරා 26 වැනිදා සිට

$
0
0

දේශීය සිනමාවට කාලයෙන් කාලයට විවිධ මාතෘකා සහිත සිනමාපට රැල්ලක් බිහිවීම පසුගිය කාල වකවානුව පුරාම අප අත්විඳි තත්වයක්. ඉතිහාස කතා, රජ කතා වැනි මාතෘකාවන් සහිත සිනමා නිර්මාණ රැසක් මේ රැල්ල යටතේ දේශීය සිනමාව තුළ නිර්මාණය කෙරුනා. සිනමා ලෝලීන්ගෙන් සහ විචාරකයින්ගෙන් විවිධ යහපත් සහ අයහපත් යන දෙවර්ගයේම ප්‍රතිචාර ලබා ගැනීමට මේ චිත්‍රපට සමත් වුනා. කෙසේ නමුත් ඉතිහාස කතා සම්ප්‍රදායේ නවතම සිනමා නිර්මාණය දැන් තිරගත වීමට සියලු කටයුතු සුදානම්. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “බිම්බාදේවී හෙවත් යශෝධරා” චිත්‍රපටයයි.

සුනිල් ආරියරත්නයන් දේශීය සිනමාවට නිර්මාණය කළ චිත්‍රපට අතර සරුංගලය, සෙයිලම, සුදු සෙවණැලි, උත්පලවන්නා, අලි කතාව, පත්තිනි යන චිත්‍රපට ප්‍රේක්ෂක මතකයට නැගෙන්නේ නිතැතින්. මේ චිත්‍රපට අතරට අලුතින්ම එක්වන්නේ බිම්බා දේවිය නොහොත් යශෝධරා චිත්‍රපටයයි. බුදුන් දවස භාරතීය ජන සමාජය තුළ සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම් පාදක කරගනිමින් මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. බුද්ධ චරිතය ලෙස බෞද්ධයන් අතර ව්‍යවහාර වන කරුණු වලට අදාලව එහි තිරපිටපත නිමැවී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සහ ඔහුගේ බුද්ධත්වය දක්වාත්, බුදුන් වහන්සේගේ ජීවිත කාලය තුළ සංඝ සමාජයේ තොරතුරුත් ඇසුරින් චිත්‍රපටය දිවෙනවා.

ඉන්දීය රංගන ශිල්පින් යුවලක් වන පල්ලවී සුභාෂ් සහ ඒ.චෞද්රි දෙදෙනා මෙහි සිද්ධාර්ථ සහ යශෝධරා ලෙස රංගනයේ යෙදෙනවා. ඊට අමතරව තුමිඳු දොඩන්තැන්න, දිනෙත් ද සිල්වා, සංගීතා තේදනී, අජිත් වීරසිංහ, උදාරි පෙරේරා, ඇතුළු නළු නිලියන් රැසක් මෙහි රංගනයෙන් දායකවී තිබෙනවා. වෙසක් පොහොය නිමිත්තෙන් චිත්‍රපටය තිරගත වීම් ආරම්භ වීමට සියලු කටයුතු සුදානම් කොට තිබෙනවා. අප්‍රේල් 26 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී යශෝධරා චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කෙරෙනවා.

Share

Viewing all 2380 articles
Browse latest View live