Quantcast
Channel: Cinema.lk
Viewing all articles
Browse latest Browse all 2390

බිම්බාදේවී හෙවත් යශෝධරා 26 වැනිදා සිට

$
0
0

දේශීය සිනමාවට කාලයෙන් කාලයට විවිධ මාතෘකා සහිත සිනමාපට රැල්ලක් බිහිවීම පසුගිය කාල වකවානුව පුරාම අප අත්විඳි තත්වයක්. ඉතිහාස කතා, රජ කතා වැනි මාතෘකාවන් සහිත සිනමා නිර්මාණ රැසක් මේ රැල්ල යටතේ දේශීය සිනමාව තුළ නිර්මාණය කෙරුනා. සිනමා ලෝලීන්ගෙන් සහ විචාරකයින්ගෙන් විවිධ යහපත් සහ අයහපත් යන දෙවර්ගයේම ප්‍රතිචාර ලබා ගැනීමට මේ චිත්‍රපට සමත් වුනා. කෙසේ නමුත් ඉතිහාස කතා සම්ප්‍රදායේ නවතම සිනමා නිර්මාණය දැන් තිරගත වීමට සියලු කටයුතු සුදානම්. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “බිම්බාදේවී හෙවත් යශෝධරා” චිත්‍රපටයයි.

සුනිල් ආරියරත්නයන් දේශීය සිනමාවට නිර්මාණය කළ චිත්‍රපට අතර සරුංගලය, සෙයිලම, සුදු සෙවණැලි, උත්පලවන්නා, අලි කතාව, පත්තිනි යන චිත්‍රපට ප්‍රේක්ෂක මතකයට නැගෙන්නේ නිතැතින්. මේ චිත්‍රපට අතරට අලුතින්ම එක්වන්නේ බිම්බා දේවිය නොහොත් යශෝධරා චිත්‍රපටයයි. බුදුන් දවස භාරතීය ජන සමාජය තුළ සිදුවූයේ යැයි පැවසෙන සිදුවීම් පාදක කරගනිමින් මේ චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. බුද්ධ චරිතය ලෙස බෞද්ධයන් අතර ව්‍යවහාර වන කරුණු වලට අදාලව එහි තිරපිටපත නිමැවී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සහ ඔහුගේ බුද්ධත්වය දක්වාත්, බුදුන් වහන්සේගේ ජීවිත කාලය තුළ සංඝ සමාජයේ තොරතුරුත් ඇසුරින් චිත්‍රපටය දිවෙනවා.

ඉන්දීය රංගන ශිල්පින් යුවලක් වන පල්ලවී සුභාෂ් සහ ඒ.චෞද්රි දෙදෙනා මෙහි සිද්ධාර්ථ සහ යශෝධරා ලෙස රංගනයේ යෙදෙනවා. ඊට අමතරව තුමිඳු දොඩන්තැන්න, දිනෙත් ද සිල්වා, සංගීතා තේදනී, අජිත් වීරසිංහ, උදාරි පෙරේරා, ඇතුළු නළු නිලියන් රැසක් මෙහි රංගනයෙන් දායකවී තිබෙනවා. වෙසක් පොහොය නිමිත්තෙන් චිත්‍රපටය තිරගත වීම් ආරම්භ වීමට සියලු කටයුතු සුදානම් කොට තිබෙනවා. අප්‍රේල් 26 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී යශෝධරා චිත්‍රපටය තිරගත වීම් ආරම්භ කෙරෙනවා.

Share


Viewing all articles
Browse latest Browse all 2390

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>