
දෙරණ සිනමා සම්මාන උළෙල මෙවර 07 වැනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට අවසන්. සිනමා සම්මාන උළෙලට සමගාමීව තවත් වැඩසටහන් කිහිපයක් සංවිධාන වෙමින් තිබෙනවා. අලුත්ම දේශීය චිත්‍රපට හයක් ප්‍රදර්ශනය කෙරෙන cinema of tomorrow විශේෂාංගය සහ කෙටි චිත්‍රපට අංශයත්, සිනමාකරණය පිලිබඳ වැඩමුළුව (Masterclass) වැනි විවිධාංග රැසක් ඊට ඇතුලත්.
සිනමා සම්මාන උළෙලට සමගාමීව කෙටි චිත්‍රපට අංශය යටතේ මෙවරත් හොඳම කෙටි චිත්‍රපටකරුවා තෝරා සම්මාන ප්‍රධානය කිරීමට සංවිධායකයින් අපේක්ෂා කරනවා. දිවයින පුරා විසිරි සිටින කෙටි චිත්‍රපට නිර්මාණ කරුවන්ට ඔවුන්ගේ නිර්මාණ මේ සඳහා යොමු කරන ලෙස TV දෙරණ පසුගියදා දැනුම් දුන්නා. ඒ යටතේ මේ වනවිට කෙටි චිත්‍රපට 35ක් පමණ තරගයට ඉදිරිපත් කොට තිබෙනවා. මේ නිර්මාණ අතුරින් හොඳම කෙටි චිත්‍රපටය සඳහා සම්මානය පිරිනැමෙනු ඇති. ඊට පෙර මෙම නිර්මාණ 35 අතුරින් අවසන් වටය සඳහා තෝරා ගන්නා නිර්මාණ පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. නිර්මාණ සියල්ල උළෙලේ ජූරිය විසින් නැරඹීමෙන් අනතුරුව අවසන් වටය සඳහා සුදුසුකම් ලබන නිර්මාණ පිළිබඳව නිවේදනය කෙරෙනු ඇති.
01. Arva – Umash Kumar
02. Value – Janarathanan
03. Forzan Heart – Tharindu Lokuarachchige
04. Walv – Mahasen Kalahe
05. The Angel returns – Joel J.R
06. The Queen – Joel J.R
07. 2050 – Joel J.R
08. Fire of Life – Dananjaya Bandara
09. Rellak Enakan – Madhushani Dayarathne
10. Day of Doom – HIlusha Hewagama
11. Hope – Fathima Shanaz
12. Lakegala (Doc) – Chandula kumarage
13. Ganan Gannathi Kathawak – Thisara mangala bandara
14. No Man Land – Pruve
15. Age 21 – Tharaka Abeysinghe
16. The Exiguous Light – Roshan Senadeera
17. Dragonfly Scream – Sumudu Athukorala
18. Baby Ele – Nath Bandara
19. The Music Island – Shammi Srilal Thotawaththa
20. Charisma of God – Kelum Kaluhennadige
21. By the sea – Bavaneedhan Loganathan
22. Save Me – Malshan Sandeepa
23. Sheysha – Nipunika Fernando
24. IISAA – Dinusha Udayanga
25. Collapsed Algorithm – Nadeeka Udakumbura
26. Children of White – Dulanka Devendra
27. 1927 – Sarith Ranasinghe
28. Chin – Madhawa Thirimanna
29. The Solider – Madhawa thirimanna
30. Eli – Madhawa thirimanna
31. Oxygen – Janaka R. Dommanige
32. Anonymous – Casshien Mathews
33. The Demon’s Slave – Cashien Mathews
34. Mangalam – Thanuj Anawarathna
35. Wind Through the holes – Roshan Edwad
මේ කෙටි චිත්‍රපට 35 අතුරින් ජූරිය මගින් තෝරාගන්නා නිර්මාණ කිහිපයක් අවසන් වටයට තෝරා ගැනෙනු ඇති. එම නිර්මාණ මොනවාදැයි ඉදිරියේදී cinema.lk හරහා නිවේදනය කිරීමටත් අප සුදානම්.