
ඉන්දීය සිනමාව විවිධ ශානරයන් ඔස්සේ නිර්මාණ එළිදැක්වීම නිතර හඳුනාගත හැක්කක්. නවක සිනමා කරුවන් වගේම ප්‍රවීණ සිනමාකරුවනුත් සිය නිර්මාණ ඔස්සේ විවිධ ක්ෂේත්‍රයන් අල්ලා තිබෙන බව මෑතක තිරගත වුනු සිනමා නිර්මාණ පිලිබඳ අධ්‍යනය කිරීමේදී පැහැදිලිව පෙනෙන්නක්. OMERTA හොලිවුඩ් නිර්මාණ අතරට එක්වුණු එවන් වෙනස් තේමාවක් රැගත් පර්යේෂණාත්මක චිත්‍රපටයක්. 2017 වසරේ අග භාගයේ නිර්මාණය කෙරුණු මේ චිත්‍රපටය Crime drama ශානරය යටතේ නිර්මාණය කෙරී අති බව පැවසෙනවා.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Hansal Mehta විසින්. ඔහු සමග චිත්‍රපටය සඳහා තිර රචනයෙන් දායක වන්නේ Mukul Dev. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Ahmed Omar Saeed Sheikhගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ Rajkumar Rao. 2017 වසරේ Toronto International Film Festivalහිදී මෙහි ප්‍රථම දර්ශනය පැවැත්වෙනවා. එතැන් සිට Mumbai film festival, Florence film festival, Hong Kong international film festival, Newyork indian film festival වැනි සිනමා උළෙලවල ප්‍රදර්ශනය කෙරෙනවා. Rajesh Tailang, Rupinder Nagra මෙහි සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වනවා. චිත්‍රපටය විනාඩි 96ක ධාවන කාලයකින් යුක්තයි.